Ultimate magazine theme for WordPress.

බංග්ලාදේශයට ගිය ශ්‍රී ලංකාවේ තිදෙනෙකුට කොරෝනා – පළමු තරගයත් අර්බුදයක

බංග්ලාදේශ තරග සංචාරයේ නිරත ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකුට සහ පුහුණුකාර්යය මණ්ඩල සාමාජිකයෙකුට කොවිඩ් 19 හෙවෙත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා.

ඉසුරු උදාන, ශිරාන් ප්‍රනාන්දු සහ චමින්ද වාස් යන තිදෙනාට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවටයි දැනුම් දී ඇත්තේ.

ඒ අනුව තවත් පැය කිහිපයකින් ආරම්භ වන ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු එක්දින ක්‍රිකට් තරගය පැවැත්වීම ද මේ වන විට අර්බුදයකට ලක්ව ඇති බව සදහන්.

කෙසේ වෙතත්, තවත් PCR වෛද්‍ය පරීක්ෂණයක වාර්තා මෙරට වේලාවෙන් අද පෙරවරු 10.45ට පමණ ලැබීමට නියමිතව තිබෙනවා.

එය ලැබීමෙන් පසුව තරගාවලියේ ඉදිරි කටයුතු පිළිබද තීරණයක් ගනු ඇති බවයි වාර්තා වුණේ.

Leave a comment