බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නිවේදනය කෙරේ

ටෙස්ට් තරග 2කින් යුත් එළඹෙන බංග්ලාදේශ තරග සංචාරය සදහා වන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය අද(4) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කළා.
ඒ අනුව දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත්.
නිමා වූ ඉන්දීය ටෙස්ට් තරග සංචාරයට එක් වූ ලහිරු තිරිමාන්නට හා චරිත් අසලංකට මෙම සංචිතයේ ස්ථාන වෙන්ව නැහැ.
මුල්පෙල පිතිකරු ඕෂද ප්‍රනාන්දු යළි සංචිතයට නම් කර තිබෙනවා.
ආබාධයක් හේතුවෙන් ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා නොකළ රමේෂ් මෙන්ඩිස් යළි ටෙස්ට් සංචිතයට කැදවීමටයි තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.
මෙතෙක් ටෙස්ට් වරම් දිනා නොමැති කමිල් මිෂාර, කමිදු මෙන්ඩිස්, සුමින්ද ලක්ෂාන් හා ඩිල්ෂාන් මදුෂංක යන ක්‍රීඩකයින් ද බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට ඇතුළත්.
දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය මැයි 15 වනදා ද, දෙවැනි ටෙස්ට් තරගය මැයි 23 වනදා ද ආරම්භ වීමට නියමිතයි.
මෙම ටෙස්ට් තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතට ද අයත් වනවා.
ශ්‍රී ලංකා සංචිතය –
1.) Dimuth Karunaratne – Captain
2.) Kamil Mishara
3.) Oshada Fernando
4.) Angelo Mathews
5.) Kusal Mendis
6.) Dhananjaya De Silva
7.) Kamindu Mendis
8.) Niroshan Dickwella
9.) Dinesh Chandimal
10.) Ramesh Mendis
11.) Chamika Karunaratne
12.) Suminda Lakshan
13.) Kasun Rajitha
14.) Vishwa Fernando
15.) Asitha Fernando
16.) Dilshan Madushanka
17.) Praveen Jayawickrama
18.) Lasith Embuldeniya