පෝප්ට ශ්‍රී ලංකා සංචාරය අහිමි වීමේ අවධානමක් ?

එංගලන්ත මැද පෙල පිතිකරු ඔලී පෝප්ට මාස 4ක කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත් වීමට සිදුව තිබෙනවා.
ඒ, ඔහුගේ වම් උරහිසෙහි සිදුව ඇති ආබාධ තත්ත්වයක් හේතුවෙන්.
පාකිස්තානය සමග නිමා වූ තෙවැනි ටෙස්ට් තරගයේ සිව්වන දිනයේ පන්දු රකිමින් සිටියදී 22 හැවිරිදි ඔහු මෙම ආබාධයට ගොදුරු වුණා.
ඒ අනුව ඉදිරි සති කිහිපය ඇතුළත දී ඔලී පෝප් ශල්‍යකර්මයකට මුහුණ දීමට නියමිතයි.
එංගලන්ත කණ්ඩායම ලබන වසර මුලදී ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ තරග සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.
කෙසේ වෙතත්, ඒ වන විට ඔහුගේ ආබාධ තත්ත්වය සුව අතට පත්ව තිබෙනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.