Ultimate magazine theme for WordPress.

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරග කාලසටහන නිවේදනය කෙරේ

ලබන වසරේ එංගලන්තයේ බර්මිංහැම් හී දී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරග ඉසව්ව සදහා වන තරග කාලසටහන ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව ජූලි 29 වනදා පැවැත්වෙන පළමු තරගය සදහා ක්‍රීඩා කරන්නේ 20යි 20 ලෝක ශූර ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම හා අනුශූර ඉන්දීය කාන්තා කණ්ඩායමයි.

අනතුරුව පාකිස්තානය හා බාර්බඩෝස් කණ්ඩායම අතර තරගය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

බටහිර ඉන්දීය කොදෙව් දූපත් නියෝජනය කරමිනුයි අදාළ තරගාවලියට බාර්බඩෝස් කණ්ඩායම එක් වන්නේ.

සත්කාරක එංගලන්තය සිය පළමු තරගය ජූලි 30 වනදා ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඒ, පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීම වෙනුවෙන් 2022 වසරේ මුල් මාසවලදී පැවැත්වීමට නියමිත සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් තේරී පත් වන කණ්ඩායමට එරෙහිවයි.

එම සුදුසුකම් ලැබීමේ තරගාවලිය ජය ගතහොත් පමණක් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ලබන වසරේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි වනු ඇති.

රටවල් 8ක් සහභාගී වන තරගාවලියේ මූලික වටයේ තරග අගෝස්තු 4 වනදා දක්වා පැවැත්වෙනවා.

අවසන් පූර්ව තරග අගෝස්තු 6 වැනිදා ද, අවසන් තරගය අගෝස්තු 7 වැනිදා ද පැවැත්වීමට නියමිත අතර, ලෝකඩ පදක්කම සදහා වූ තරගයක් ද අගෝස්තු 7 වැනිදා ම පැවැත්වීමට නියමිත බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ.

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළක් සදහා ක්‍රිකට් ක්‍රීඩාව මෙලෙස ඇතුළත් වන්නේ ඉතිහාසයේ දෙවැනි වරට වීම විශේෂත්වයක්.

පළමු වරට 1998 වසරේ දී පිරිමි කණ්ඩායම් පමණක් සහභාගී කර ගනිමින් එක්දින තරග ඉසව්වක් ලෙස ක්‍රිකට් ක්‍රීඩාව පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ සදහා ඇතුළත් කර තිබූ අතර, එහි ජය වාර්තා කළේ දකුණු අප්‍රිකාවයි.

2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ ලබන වසරේ ජූලි 28 වනදා සිට අගෝස්තු 8 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

තරග කාලසටහන –

Group A

  • Australia v India: Friday 29 July, 11:00
  • Pakistan v Barbados: Friday 29 July, 18:00
  • India v Pakistan: Sunday 31 July, 11:00
  • Barbados v Australia: Sunday 31 July, 18:00
  • Australia v Pakistan: Wednesday 3 August, 11:00
  • India v Barbados: Wednesday 3 August, 18:00

Group B

  • New Zealand v South Africa: Saturday 30 July, 11:00
  • England v CWGQ: Saturday 30 July, 18:00
  • England v South Africa: Tuesday 2 August, 11:00
  • CWGQ v New Zealand: Tuesday 2 August, 18:00
  • South Africa v CWGQ: Thursday 4 August, 11:00
  • England v New Zealand: Thursday 4 August, 18:00

Semi-final 1: Saturday 6 August, 11:00
Semi-final 2: Saturday 6 August, 18:00

Bronze medal match: Sunday 7 August, 10:00
Final: Sunday 7 August, 17:00

(All times local)