Ultimate magazine theme for WordPress.

පුබුදු දසනායක ප්‍රධාන පුහුණුකරු තනතුරක් අත්හරිද්දී තවත් ප්‍රධාන පුහුණුකරු තනතුරක් හිමි වෙයි

නේපාල ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු පුබුදු දසනායක මහතා සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

පෞද්ගලික හේතුවක් මත ඔහු සිය ධූරයෙන් ඉවත්ව ඇති බවයි නේපාල ක්‍රිකට් සංගමය සදහන් කළේ.

කෙසේ වෙතත්, පුබුදු දසනායක මහතා සිය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කළ බව මේ වන විට කැනඩාව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

නේපාල කණ්ඩායම ස්කොට්ලන්තයේ දී ක්‍රිකට් ලෝක කුසලාන දෙවන ලීගයේ තරග සදහා ක්‍රීඩා කිරීමට නියමිතව ඇති පසුබිමකයි දසනායක මහතා සිය ධූරයෙන් ඉවත්ව ඇත්තේ.