Ultimate magazine theme for WordPress.

පුජාරාගේ 100 වැනි ටෙස්ට් තරගයේ කාසියේ වාසිය ඔස්ට්‍රේලියාවට ; කණ්ඩායම් දෙක මෙන්න

ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීට ඔස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් සමත් වුණා.

ඒ අනුව ඔහු දිල්ලි හී දී පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

තරග 4කින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ජය ගත් ඉන්දියාව මේ වන විට තරග 1-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණ හිමි කර ගෙන සිටිනවා.

අද ආරම්භ වන තරගය සදහා කණ්ඩායම් දෙකෙන්ම වෙනස්කම් සිදු කර තිබෙනවා.

ඒ අනුව ඉන්දියාව වෙනුවෙන් ෂ්රෙයස් අයියර් කැදවා ඇත්තේ සූර්යකුමාර් යාදව් වෙනුවටයි.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් මෙම තරගයේ දී දග පන්දු යවන ක්‍රීඩක Matthew Kuhnemann ටෙස්ට් වරම් දිනා ගැනීම විශේෂත්වයක්.

එමෙන්ම ට්‍රැවිස් හෙඩ් කණ්ඩායමට කැදවා ඇත්තේ මැට් රේන්ෂෝ වෙනුවටයි. ස්කොට් බෝලන්ඩ් ද අද තරගයට ක්‍රීඩා කරන්නේ නැහැ.

මෙම තරගය ඉන්දීය පිතිකරු චෙටස්වර් පුජාරා ක්‍රීඩා කරන තම සියවැනි ටෙස්ට් තරගය වීම ද විශේෂත්වයක්.

Australia XI:

D Warner, U Khawaja, S Smith, M Labuschagne, T Head, P Handscomb, A Carey (wk), P Cummins (c), T Murphy, N Lyon, M Kuhnemann.

India XI:

KL Rahul, R Sharma (c), C Pujara, V Kohli, S Iyer, S Bharat (wk), A Patel, R Ashwin, R Jadeja, M Shami, M Siraj.