“පීඩනය යටතේ ක්‍රීඩා කරන හැටි LPL තරගාවලියේ දී ඉගෙන ගත හැකියි” : මිකී ආතර්

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට කාලයක් තිස්සේ අඩුපාඩුවක්ව පැවැති ගුණාත්මක බවින් යුත් ජාත්‍යන්තර මට්ටමේ 20යි 20 ලීග් ක්‍රිකට් තරගාවලියක අඩුව පුරවමින් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුල පිරීම ඉතා කාලෝචිත ක්‍රියාවක් බව ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් පවසනවා.
මෙම තරගාවලිය ඔස්සේ දක්ෂතාවලින් හෙබි තරුණ ක්‍රීඩකයින් හඳුනා ගැනීමට මෙන්ම ඔවුන්ගේ දක්ෂතා වේගවත්ව දියුණු කර ගැනීමට කදිම වේදිකාවක් නිර්මාණය කර දෙන බවයි හෙතෙම පෙන්වා දෙන්නේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය අංශය වෙත අදහස් දක්වමින් ඔහු එම අදහස් පල කළා.
“වැදගත්ම දේ තමයි පීඩනය යටතේ ක්‍රීඩා කළ යුතු ආකාරය ක්‍රීඩකයින්ට ඉගැන්වීම. එල්. පී. එල් තරගාවලිය හරහා එවැනි අත්දැකීම් රාශියක් ක්‍රීඩකයින්ට ලබා ගැනීමේ හැකියාව උදාවනවා” යනුවෙන් මිකී ආතර් කියා සිටියා.
පීඩනයේදී හැසිරිය යුතු ආකාරය, විදේශීය ක්‍රීඩකයින් මෙන්ම පුහුණුකරුවන් සමඟ අන්‍යෝන්‍ය ලෙස කටයුතු කිරීම සහ වෘත්තීය පරිසරයක් වටා සිටීමට නවක ක්‍රීඩකයින්ට අවස්ථාව හිමිවීම ඔස්සේ එම නවක ක්‍රීඩකයින්ගේ දක්ෂතා වර්ධනය වන අයුරු ලෝකය පුරා පැවැත්වෙන ලීග් තරගාවලියන්හී දී තමන් දැක ඇති බවයි ප්‍රධාන පුහුණුකරු සඳහන් කළේ.
“ඇත්තටම විදේශීය ක්‍රීඩකයින් මෙන්ම ජාතික කණ්ඩායම නියෝජනය කරන ප්‍රධාන ක්‍රීඩකයින් සමඟ එකතුව ක්‍රීඩා කිරීමට නවක ක්‍රීඩකයින්ට අවස්ථාව ලැබීම හරහා තරගයකදී ජ්‍යෙෂ්ඨයින්ගේ සූදානම ගැන නිරීක්ෂණය කිරීම, තරගයකට පෙර සූදානම් වීම වගේම දිනය සැලසුම් කරන්නේ කොහොමද කියන දේවල් ගැනත් ඉගෙන ගන්න හොඳ අවස්ථාවක් ලැබෙනවා.”
“මම නිතරම තරුණ වගේම නැවුම් දක්ෂතා තියෙන ක්‍රීඩකයින් සොයමින් ඉන්නවා. ඒ අනුව ඔවුන් අපි සොයන නිර්ණායකයන්ට ගැලපෙන පරිදි දක්ෂතා දැක්වීමට හැකියාවක් තියෙනවා නම් සහ ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ කරා කණ්ඩායම රැගෙන යා හැකි තරමේ දක්ෂතා තියෙනවා නම් ඔවුන් දෙස මම උනන්දුවෙන් බලන්න සූදානම්. කෙසේ වෙතත්, ජාත්‍යන්තර ක්‍රිකට් තරග සහ ෆ්‍රැන්චයිස් ක්‍රිකට් තරග අතර යම්කිසි පරතරයක් තියෙන බව අප තේරුම් ගත යුතුයි”
“මේ තරගාවලියේ වඩාත්ම වැදගත් අංගය තමයි අපේ ක්‍රීඩකයින්ට තරගකාරීත්වයකින් යුතු ක්‍රිකට් ක්‍රීඩාවට යළි අවතීර්ණ වීමට අවස්ථාව උදාවීම. දීර්ඝ කාලයක් ක්‍රීඩා කිරීමට නොහැකි වීම ඇත්තටම කලකිරීම් ඇති කරවන්නක්. කොයිම ආකාරයක දැල් පුහුණුවීමකින් හෝ පුහුණුවීම් තුළින් දැඩි තරගකාරීත්වයකින් යුතු ක්‍රීඩාවක් ප්‍රති නිර්මාණය කළ නොහැකියි”
(මූලාශ්‍රය – SLC)