Ultimate magazine theme for WordPress.

පැනවූ ජාත්‍යන්තර ක්‍රිකට් තහනමෙන් පසු යෝර්ක්ෂයර් සභාපතිත් ඉල්ලා අස් වෙයි

යෝර්ක්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් සමාජයේ සභාපති Roger Hutton සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

ඒ, එම ප්‍රාන්තයේ ජාත්‍යන්තර තරග හා ප්‍රධාන තරග පැවැත්වීම තහනම් කිරීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති පසුබිමකයි.

යෝර්ක්ෂයර් හිටපු ක්‍රිකට් ක්‍රීඩක අසීම් රෆික් විසින් තමා එම කණ්ඩායමට ක්‍රීඩා කරන විට වර්ගවාදී හිංසනයට ලක් වූ බවට චෝදනා එල්ල කර තිබූ අතර, පසුව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ද සිදු කෙරුණා.

එහිදී අනාවරණය වුණේ අසීම් රෆික් වර්ගවාදී හිංසනයට ලක්ව ඇති බවයි.

එවැනි පසුබිමක් යටතේ වුවත්, සිය ක්‍රීඩා සමාජයේ සේවකයින්ට, ක්‍රීඩකයින්ට හෝ නිළධාරීන්ට එරෙහිව කිසිදු විනය ක්‍රියාමාර්ගයක් නොගැනීමට යෝර්ක්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් සමාජය තීරණය කළා.

ඒ අනුවයි එංගලන්ත ක්‍රිකට් ආයතනය එම ප්‍රාන්තයට ජාත්‍යන්තර තරග පැවැත්වීමේ තහනමක් ඊයේ(4) පනවනු ලැබුවේ.

යෝක්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් සමාජයේ සභාපති Roger Hutton සිය ධූරයෙන් ඉල්ලා අස් වෙමින් හිටපු ක්‍රීකට් ක්‍රීඩක අසීම් රෆික්ගෙන් සමාව ද ඉල්ලා සිටියා.

ඔහුට අමතරව තවත් නිළධාරීන් රැසක් ද ධූරවලින් ඉවත් වන බවයි වාර්තා වන්නේ.

යෝර්ක්ෂයර් කණ්ඩායම සිය සත්කාරක ක්‍රීඩාංගනය වශයෙන් බොහෝ විට යොදා ගන්නේ ලීඩ්ස්හි හීඩින්ග්ලි ක්‍රීඩාංගනයයි.