Ultimate magazine theme for WordPress.

පැතුම් නිස්සංක රෝහල් ගත කෙරේ – එක්දින තරගාවලියත් අහිමි වෙයි

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට සිම්බාබ්වේ කණ්ඩායම සමග හෙට(6) ආරම්භ වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඔහු උණ රොගයෙන් පෙළෙන බවත්, ඩෙංගු රෝගය ඔහුට ආසාදනය වී ඇති බවට සැක පල කෙරෙන බවත් සදහන්.

පැතුම් මේ වන විට වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සදහා රෝහල් ගත කර තිබෙනවා.

ඒ අනුව ඔහුට සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි එක්දින තරගාවලියට අමතරව 20යි 20 තරගාවලිය ද අහිමි වීමේ අවධානමක් පවතින බවයි වාර්තා වන්නේ.

ඔහු වෙනුවට ශෙවෝන් ඩැනියල් එක්දින සංචිතයට ආදේශ කිරීමට කටයුතු කළ බව ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරග තුනකින් යුත් එක්දින තරගාවලිය හෙට(6) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි. පළමු තරගය ආරම්භ වීමට නියමිතව ඇත්තේ හෙට පස්වරු 2.30ටයි.