Ultimate magazine theme for WordPress.

පාකිස්තාන සුපිරි වේග පන්දු යවන්නා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙයි

පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක වහබ් රියාස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙනවා.

සිය වසර 15 ක ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමු දුන්න ද, තමා තවදුරටත් 20යි 20 ෆ්‍රැන්චයිස් ලීග් තරගාවලි ක්‍රීඩා කිරීමට සූදානමින් සිටින බවයි ඔහු සදහන් කළේ.

වහබ් රියාස් පාකිස්තානය වෙනුවෙන් ටෙස්ට් තරග 27 ක්, එක්දින තරග 91 ක් හා 20යි 20 තරග 36 ක් ක්‍රීඩා කළා.

කෙසේ වෙතත්, 38 හැවිරිදි ඔහු අවසන් වරට ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළේ 2020 වසරේ දී යි.

රියාස් සිය ටෙස්ට් දිවියේ දී කඩුලු 83 ක් ද, එක්දින කඩුලු 120 ක් ද, 20යි 20 කඩුලු 34 ක් දවා ගැනීමට සමත්ව තිබෙනවා.

ඔහු මෑතකදී ක්‍රිකට් පිටියේ දැක ගත හැකි වූයේ 2023 පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ දී යි. එහිදී ඔහු පෙෂාවර් සල්මි කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළා.

වහබ් රියාස් මේ වන විට දේශපාලන ක්ෂේත්‍රයට ද සම්බන්ධ වී සිටිනවා.