පාකිස්තාන – ශ්‍රී ලංකා 20යි 20 තරගාවලිය අදින් ඇරඹේ

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරය ආරම්භ කරමින් පළමු 20යි 20 තරගය අද(24) කරච්චි හී දී පැවැත්වෙනවා.
එම තරගය මෙරට වේලාවෙන් පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතයි.
තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය අවසන් වන්නේ මැයි 28 වැනිදායි.
ජූනි පළමු වැනිදා සිට 5 වැනිදා දක්වා තරග 3කින් යුත් එක්දින තරගාවලිය කරච්චි හී දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
එක්දින තරගාවලිය අයි.සී.සී කාන්තා ශූරතාවලිය (ICC Women’s Championship) යටතට අයත් වනවා.
තරග කාලසටහන –
24 May – First T20I (Karachi’s Southend Club)
26 May – Second T20I (Karachi’s Southend Club)
28 May – Third T20I (Karachi’s Southend Club)
1 Jun – First ODI (Karachi’s Southend Club)
3 Jun – Second ODI (Karachi’s Southend Club)
5 Jun – Third ODI (Karachi’s Southend Club)