පාකිස්තාන පුහුණුකරු මිස්බාට කොරෝනා

පාකිස්තාන පුහුණුකරු මිස්බා උල් හක්ට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.
ඒ අනුව ඔහුට ජැමයිකාවේ දී දින 10ක කාලයක් නිරෝධායනයට ලක්වීමට සිදු වන බවයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති ටෙස්ට් තරගාවලිය නිමා වී දිනක් ගතව ඇති පසුබිමකයි මේ බව අනාවරණය වී ඇත්තේ.
අද(25) දිනයේ දී පාකිස්තාන සංචිතයේ සෙසු සාමාජිකයින් ලාහෝර් නුවර බලා පිටත්ව යන නමුත්, මිස්බා උල් හක්ට ජැමයිකාවේම රැදී සිටීමට සිදු වනු ඇති.
සංචිතයේ සෙසු කිසිදු සාමාජිකයෙකුට වෛරසය ආසාදනය වී නැහැ.
නිරෝධායනය වීම සදහා මිස්බා උල් හක් වෙනත් හෝටලයක් වෙත මාරු කර ඇති බව ද සදහන්.