පාකිස්තාන – නවසීලන්ත 20යි 20 තරගාවලිය අද ඇරඹේ
නවසීලන්ත කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරය ආරම්භ කරමින් 20යි 20 තරගාවලිය අද(14) ආරම්භ වනවා.
මෙම සංචාරයට 20යි 20 තරග 5 ක් හා එක්දින තරග 5 ක් ඇතුළත් අතර, 20යි 20 තරගාවලිය අද ආරම්භ වන්නේ ලාහෝර් හී දී යි.
එක්දින තරගාවලිය අප්‍රේල් 26 වැනිදා රාවල්පින්ඩි හී දී ද ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
නවසීලන්ත ක්‍රීඩකයින් රැසක් අයි.පී.එල් තරගාවලියට ක්‍රීඩා කරන බැවින් මෙම තරග සංචාරයට ද නවසීලන්ත සංචිතවලට ප්‍රධාන නවසීලන්ත ක්‍රීඩකයින් රැසක් නම් කර නැහැ.
ඒ අනුව මෙම තරගාවලි දෙකේ දී ම නවසීලන්ත කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරී ඇත්තේ ටොම් ලේතම්ටයි.
2022 වසරේ පැවැති පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී අවසන් වරට පාකිස්තාන ජාතික කණ්ඩායම නියෝජනය කළ වේග පන්දු යවන ක්‍රීඩක ශහීන් අෆ්රිඩි යළි ජාතික සංචිතයට කැදවා තිබීම ද කැපී පෙනෙනවා.
දෙරට අතර පැවැත්වෙන පළමු 20යි 20 තරගය අද මෙරට වේලාවෙන් රාත්‍රී 9.30 ට ආරම්භ වීමට නියමිතයි.
Pakistan T20I squad:
Babar Azam (c), Shadab Khan (vc), Faheem Ashraf, Fakhar Zaman, Haris Rauf, Iftikhar Ahmed, Ihsanullah, Imad Wasim, Mohammad Haris, Mohammad Nawaz, Mohammad Rizwan, Naseem Shah, Saim Ayub, Shaheen Shah Afridi, Shan Masood and Zaman Khan
New Zealand T20I Squad :
Tom Latham (c, wk), Chad Bowes, Mark Chapman, Dane Cleaver, Matt Henry, Ben Lister, Adam Milne, Cole McConchie, Daryl Mitchell, Jimmy Neesham, Rachin Ravindra, Henry Shipley, Ish Sodhi, Blair Tickner, Will Young
Pakistan ODI squad:
Babar Azam (c), Shadab Khan (vc), Abdullah Shafique, Fakhar Zaman, Haris Rauf, Haris Sohail, Ihsanullah, Imam-ul-Haq, Mohammad Nawaz, Mohammad Rizwan, Mohammad Wasim Jnr, Naseem Shah, Salman Ali Agha, Shaheen Shah Afridi, Shan Masood and Usama Mir. Reserves: Abbas Afridi, Abrar Ahmed and Tayyab Tahir.
New Zealand ODI squad:
Tom Latham (c),Tom Blundell, Chad Bowes, Matt Henry, Ben Lister, Cole McConchie, Adam Milne, Daryl Mitchell, Jimmy Neesham, Henry Nicholls, Rachin Ravindra, Henry Shipley, Ish Sodhi, Blair Tickner, Will Young.