Ultimate magazine theme for WordPress.

පාකිස්තාන තේරීම් කමිටුවේ වැඩබලන සභාපතිධූරය අෆ්රිඩිට

පාකිස්තාන ක්‍රිකට් තේරීම් කමිටුවේ වැඩබලන සභාපතිවරයා ලෙස හිටපු ක්‍රිකට් නායක ශහිඩ් අෆ්රිඩි පත් කර තිබෙනවා.

අබ්දුල් රසාක් හා ඉෆ්ටිකාර් අන්ජුම් ද තේරීම් කමිටුව සදහා නම් කර ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

කළමණාකරන කමිටුවේ සාමාජික හරූන් රෂීඩ් කැදවුම්කරු ලෙස කටයුතු කිරීමට නියමිතයි.

මෙතෙක් පාකිස්තාන ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිධූරය දරනු ලැබුවේ මොහමඩ් වසීම් විසිනුයි.

එළඹෙන නවසීලන්ත තරගාවලිය සදහා පමණක් බලපැවැත්වෙන පරිදි ශහිඩ් අෆ්රිඩිගේ ප්‍රධානීත්වයෙන් යුත් නව තේරීම් කමිටුව පත් කර තිබෙනවා.