Ultimate magazine theme for WordPress.

පාකිස්තාන තරගාවලියට අදාළ තරග පාවාදීමේ චෝදනා විමර්ශනයට ක්‍රිකට් ආයතනයෙන් පියවර

ජගත් ක්‍රිකට් කවුන්සලයේ (අයි.සී.සී) දූෂණ මර්දන ඒකකයේ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාර්ෂල්ට මෙරටට පැමිණෙන ලෙසට ආරාධනා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව අද(23) තීරණය කර තිබෙනවා.

ඒ, මෑතකදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සිදු කළ තරග පාවාදීමේ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීම සදහායි.

පාකිස්තාන කණ්ඩායමේ නිමා වූ ශ්‍රී ලංකා තරග සංචාරයේ දී අදාළ පාවාදීම් සිදුව තිබූ බවටයි චෝදනා එල්ල කර තිබුණේ.

අදාළ මන්ත්‍රීවරයා සිදු කළ චෝදනා අනුව ගත යුතු නිවැරැදි ක්‍රියාමාර්ගය මෙය බවට තම ආයතනය විශ්වාස කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.

අදාළ චෝදනා හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හා එහි පාර්ශවකරුවන්ගේ කීර්තිනාමයට විශාල හානියක් සිදුව ඇති බවයි ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන්ව ඇත්තේ.