පාකිස්තාන ටෙස්ට් සංචිතය නිවේදනය කෙරේ ; රවුෆ් අවසන් මොහොතේ බෑ කියයි

ඔස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත තරග 3 කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන පාකිස්තාන සංචිතය නම් කර තිබෙනවා.
මෙතෙක් ටෙස්ට් වරම් දිනා නොමැති ආරම්භක පිතිකරුවෙකු වන Saim Ayub හා වේග පන්දු යවන ක්‍රීඩකයෙකු වන Khurram Shahzad මෙම සංචිතය සදහා නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
ශාන් මසූඩ්ගේ නව නායකත්වය යටතේ මෙම සංචාරයට එක් වන පාකිස්තාන කණ්ඩායම දෙසැම්බර් 14-18 යන දිනවලදී පර්ත් හී දී ද, 26-30 යන දිනවලදී මෙල්බර්න් හී දී ද , ජනවාරි 3-7 යන දිනවලදී සිඩ්නි හී දී ද ටෙස්ට් තරග 3 ක්‍රීඩා කිරීමට නියමිතයි.
21 හැවිරිදි Ayub පාකිස්තානය වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා නැතත්, ඔහු මේ වන විටත් 20යි 20 ජාත්‍යන්තර තරග 8ක් ක්‍රීඩා කර තිබෙනවා.
වමත් වේග පන්දු යවන ක්‍රීඩක Mir Hamza යළි ටෙස්ට් සංචිතයට කැදවා ඇති අතර, තුන් ඉරියව් ක්‍රීඩක ෆහීම් අශ්රෆ් ද සංචිතයට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.
උරහිසක ආබාධයකට ලක්ව සුවය ලබමින් සිටින නසීම් ශාහ් මෙම සංචාරයට එක් නොවන අතර, හැරිස් රවුෆ් ද අවසන් මොහොතේ දී තරගාවලියට ක්‍රීඩා නොකිරීමට තීරණය කර තිබෙනවා.
Pakistan squad for Australia Test series:
Shan Masood (c), Aamer Jamal, Abdullah Shafique, Abrar Ahmed, Babar Azam, Faheem Ashraf, Hasan Ali, Imam-ul-Haq, Khurram Shahzad, Mir Hamza, Mohammad Rizwan, Mohammad Wasim Jnr, Nauman Ali, Saim Ayub, Salman Agha, Sarfaraz Ahmed, Saud Shakeel, Shaheen Afridi