පාකිස්තාන ක්‍රීඩකයින්ගේ වැටුප් දැවැන්ත ප්‍රතිශතයකින් ඉහළට ; වසර 3කටත් ගිවිසුම්ගත වෙයි
වසරක කාලයක් වෙනුවට වසර තුනක කාලයක් සදහා මධ්‍යම කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කිරීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය හා එරට ක්‍රීඩකයින් එකගතාවයකට එළඹ තිබෙනවා.
ඒ, මාස ගණනාවක සිට දෙපාර්ශවය අතර පැවැති මතභේදාත්මක තත්ත්වය අවසන් කරමින්.
ඒ අනුව මෙම වසරේ ජූලි පළමු වැනිදා සිට 2026 වසරේ ජූනි 30 වැනිදා දක්වා වලංගු වන පරිදි කොන්ත්‍රාත් අත්සන් කිරීමට පියවර ගෙන තිබෙනවා.
පාකිස්තාන ක්‍රීඩකයින්ගේ කොන්ත්‍රාත් කාලය පසුගිය ජූනි 30 වැනිදායි අවසන්ව තිබූ අතර, ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකා ටෙස්ට් සංචාරය, ඇෆ්ඝනිස්තානයට එරෙහි එක්දින තරගාවලිය මෙන්ම ආසියානු කුසලාන තරගාවලිය ද ක්‍රීඩා කළේ කිසිදු කොන්ත්‍රාත් ගිවිසුමක් නොමැතිවයි.
ක්‍රීඩකයින් 25 දෙනෙකු සමග නව ගිවිසුම් අත්සන් කර ඇති බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.
ගිවිසුමට අනුව ජගත් ක්‍රිකට් කවුන්සලයෙන් පාකිස්තානයට ලැබෙන ආදායමෙන් කොටසක් ද ක්‍රීඩකයින් වෙත ලබා දීමට නියමිතයි.
ක්‍රීඩකයින්ගේ ආදායම ද සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමටයි පියවර ගෙන ඇත්තේ.
A කාණ්ඩයේ ක්‍රීඩකයෙකුගේ මාසික වේතනය 202% කින් ද, B කාණ්ඩයේ ක්‍රීඩකයෙකුගේ වේතනය 144% කින් ද, C කාණ්ඩයේ ක්‍රීඩකයෙකුගේ වැටුප 135% කින් ද, D කාණ්ඩයේ ක්‍රීඩකයෙකුගේ වැටුප 127% කින් ද ඉහළ නංවා තිබෙනවා.
ඒ අනුව A කාණ්ඩයේ ක්‍රීඩකයෙකුගේ මාසික වේතනය පාකිස්තාන රුපියල් 4,500,000 ක් (USD 15,590) (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 50 ක් පමණ) පමණ වන බව සදහන්.
ICC වෙතින් ලැබෙන ආදායමෙන් කොටසක් ක්‍රීඩකයින්ගේ සමස්ත මාසික වේතනයට ඇතුළත් කිරීමට නියමිතයි.
එමෙන්ම ක්‍රීඩකයින්ගේ තරග ගාස්තුව ද සැලකිය යුතු අන්දමින් ඉහළ නංවා තිබෙනවා. ඒ අනුව ටෙස්ට් තරග සදහා 50% ක වැඩිවීමක් ද, එක්දින තරග සදහා 25% ක වැඩි වීමක් ද, 20යි 20 තරග සදහා 12.5% ක වැඩි වීමක් ද සිදු කර තිබෙනවා.
දේශීය තරග ක්‍රීඩා කිරීමේ දී ද ජාත්‍යන්තර තරග ගාස්තුවෙන් 50% ක මුදලක් ක්‍රීඩකයින්ට හිමි වනවා.
තවද පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය හැරුණු විට එක් වසරකදී වෙනත් විදෙස් ලීග් තරගාවලි දෙකක් ක්‍රීඩා කිරීම සදහා ද නව කොන්ත්‍රාත් ගිවිසුම් ඔස්සේ ක්‍රීඩකයින්ට අවසර හිමි වනවා.
ක්‍රීඩකයින් කාණ්ඩගත කර ඇති අයුරු –
Category A: Babar Azam, Mohammad Rizwan and Shaheen Shah Afridi
Category B: Fakhar Zaman, Haris Rauf, Imam-ul-Haq, Mohammad Nawaz, Naseem Shah and Shadab Khan
Category C: Imad Wasim and Abdullah Shafique
Category D: Fahim Ashraf, Hasan Ali, Iftikhar Ahmed, Ihsanullah, Mohammad Haris, Mohammad Wasim Jr, Saim Ayub, Salman Ali Agha, Sarfaraz Ahmad, Saud Shakeel, Shahnawaz Dahani, Shan Masood, Usama Mir and Zaman Khan