Ultimate magazine theme for WordPress.

පාකිස්තාන කණ්ඩායමේ 2022-23 ජාත්‍යන්තර තරග කාලසටහන නිවේදනය කෙරේ

ඉදිරි මාස 12ක කාලයට අදාළ පාකිස්තාන කාන්තා හා පිරිමි ක්‍රිකට් කණ්ඩායම්වල ජාත්‍යන්තර තරග කාලසටහන එරට ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබෙනවා.

එම කාලය තුළ දී පාකිස්තාන පිරිමි කණ්ඩායම ටෙස්ට් තරග 7කට, එක්දින තරග 17කට හා අවම වශයෙන් 20යි 20 තරග 25 කට ක්‍රීඩා කිරීමට නියමිත බවයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතට අයත් ටෙස්ට් තරග 7 පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවට, එංගලන්තයට හා නවසීලන්තයට එරෙහිවයි.

එංගලන්තය හා නවසීලන්තය මෙලෙස පාකිස්තානයේ සංචාරයක නිරත වීමට නියමිතව ඇත්තේ පසුගිය වසරේ දී ඔවුන් ආරක්ෂාව පිළිබද ගැටලු සහගත තත්ත්වයක් පවතින බව පවසමින් අවසන් මොහොතේ දී පාකිස්තාන තරග සංචාර අවලංගු කිරීමට පියවර ගත් පසුබිමකයි.

බටහිර ඉන්දීය කොදෙව්වන්ට, ශ්‍රී ලංකාවට, නෙදර්ලන්තයට හා නවසීලන්තයට එරෙහිව අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපිරි ලීගය යටතට අයත් එක්දින තරග 12ක් පැවැත්වෙනු ඇති.

ප්‍රකාශයට පත් කර ඇති කාලසටහනට අනුව පාකිස්තානයේ මීළග ජාත්‍යන්තර තරගාවලිය යෙදී ඇත්තේ කොදෙව්වන්ට එරෙහිවයි.

ජූනි 5-12 අතර කාලයේ දී දෙරට අතර එක්දින තරග 3කින් යුත් තරගාවලියක් රාවල්පින්ඩි හී දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එංගලන්ත කණ්ඩායම 20යි 20 තරග 7ක් ක්‍රීඩා කිරීම සදහා සැප්තැම්බර් – ඔක්තෝබර් මාසවලදී පාකිස්තාන තරග සංචාරයක නිරත වන අතර, අනතුරුව නොවැම්බර් මාසයේ දී යළිත් පාකිස්තානයට පැමිණීමට නියමිතව ඇත්තේ තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලියක් සදහායි.

නවසීලන්ත කණ්ඩායම ද අවස්ථා දෙකකදී පාකිස්තාන තරග සංචාරයක නිරත වනු ඇති. පළමුව තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලියකට හා තරග 3කින් යුත් එක්දින තරගාවලියක් වෙනුවෙන් පාකිස්තානයට පැමිණෙන නවසීලන්ත කණ්ඩායම අනතුරුව තරග 5කින් යුත් එක්දින තරගාවලියකට හා තරග 5කින් යුත් 20යි 20 තරගාවලියක් වෙනුවෙන් ලබන අප්‍රේල් මාසයේ දී එරටට පැමිණීමට නියමිතයි.

මේ අතර, පාකිස්තාන කණ්ඩායම ජූලි හා අගෝස්තු මාසවලදී ශ්‍රී ලංකා තරග සංචාරයක ද නිරත වීමට නියමිතව තිබෙනවා. ඒ, ටෙස්ට් තරග දෙකකට හා එක්දින තරග 3ක් ක්‍රීඩා කිරීම සදහායි.

පාකිස්තාන කාන්තා හා පිරිමි කණ්ඩායම්වල ජාත්‍යන්තර තරග කාලසටහන –

Pakistan international commitments (May 2022-April 2023, dates/venues to be announced in due course)

24 May – 5 June – Sri Lanka Women in Karachi (3 ODIs & 3 T20Is)

5-12 June – West Indies Men in Rawalpindi (3 ODIs)

Jul-Aug – Pakistan Men to Sri Lanka (2 Tests & 3 ODIs)

12-24 Jul – Pakistan Women to Belfast for tri-series (4T20Is)

25 Jul-8 Aug – Pakistan Women for Birmingham Commonwealth Games (7 T20Is)

Aug – Pakistan Men to Netherlands (three ODIs)

1-17 Sept – Pakistan Men to Sri Lanka for ACC T20 Cup (5 T20Is)

10-25 Sep – Pakistan Women and Pakistan Shaheens to Gangzhou, China, for 19th Asia Games

Sep-Oct – England Men to Pakistan (7 T20Is)

Oct – ACC Women’s T20 Asia Cup (8 T20Is, venue TBC)

15 Oct-15 Nov – ICC Men’s T20 World Cup in Australia, (5 T20Is)

30 Oct-19 Nov – Ireland Women to Lahore/Karachi (3 ODIs & 3 T20Is)

Nov-Dec – England Men to Pakistan (3 Tests)

Dec-Jan – New Zealand Men to Pakistan (2 Tests & 3 ODIs)

4 Jan-1 Feb – Pakistan Women to Australia (3 ODIs & 3 T20Is)

Jan – West Indies Men to Pakistan (3 T20Is)

Jan-Feb – ICC U19 Women’s T20 World Cup, South Africa

2-26 Feb – ICC Women’s T20 World Cup, South Africa

Apr-May – New Zealand Men to Pakistan (5 ODIs & 5 T20Is)