පාකිස්තානය 89 ට දැවී යයි ; ඔස්ට්‍රේලියාවට දැවැන්ත ජයක් – ලයන් 500 පසු කරයි
Match Report

නේදන් ලයන්ට සිය 500 වැනි ටෙස්ට් කඩුල්ල ද හිමි කර දෙමින් මිචෙල් ස්ටක්ගේ හා ජොෂ් හේසල්වුඩ්ගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ ඔස්ට්‍රේලියාව සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 360 ක දැවැන්ත පරාජයක් අත්විදීමට සංචාරක පාකිස්තාන කණ්ඩායමට අද(17) සිදු වුණා.
පර්ත් හී දී පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 450 ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය පාකිස්තානයට තරගයේ සිව්වැනි දිනය වූ අද දිනයේ දී සියලු දෙනා දැවී සිය දෙවැනි ඉනිම වෙනුවෙන් ලබා ගත හැකි වූයේ ලකුණු 89 ක් පමණයි.
සවුද් ශකීල් ලකුණු 24කටත්, බාබර් අසාම් ලකුණු 14කටත්, ඉමාම් උල් හක් ලකුණු 10කටත් දැවී ගිය අතර, වෙනත් කිසිදු පිතිකරුවෙකු ලකුණු 10 සීමාවට ළගා වූයේ නැහැ.
පන්දු යැවීමේ දී ස්ටක් හා හේසල්වුඩ් කඩුලු 3 බැගින් බිද හෙලුවා. නේදන් ලයන් දවා ගත් කඩුලු ගණන දෙකක්. ඔහු අද ඉතිහාස ගත වූයේ ටෙස්ට් කඩුලු 500 ක් දවා ගත් 8 වැනි පන්දු යවන්නා ලෙසයි.
Nathan Lyon scales Mt. 500 🔥🔥
Most Test wickets:
800 – Muttiah Muralitharan
708 – Shane Warne
690 – James Anderson*
619 – Anil Kumble
604 – Stuart Broad
563 – Glenn McGrath
519 – Courtney Walsh
501 – Nathan Lyon* pic.twitter.com/sscAmR32ly— Cricbuzz (@cricbuzz) December 17, 2023
අද දිනය ආරම්භ කරන විට ඔස්ට්‍රේලියාව සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු දෙකක් දැවී ලකුණු 84 ක් ලබා සිටි අතර, ඔවුන් ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 5 ක් දැවී ලකුණු 233 ක් ලබා සිටියදීයි.
උස්මාන් කවාජා ලකුණු 90 ක් හා මිචෙල් මාෂ් නොදැවී ලකුණු 63 ක් රැස් කළා. ස්ටීවන් ස්මිත් ලකුණු 45 යි.
පන්දු යැවීමේ දී මෙම තරගයේ දී ටෙස්ට් වරම් දිනූ කුරාම් ශහ්සාඩ් කඩුලු 3 ක් දවා ගත්තා.
FIVE HUNDRED! #AUSvPAK #PlayOfTheDay @nrmainsurance pic.twitter.com/DyDC5hUdTJ
— cricket.com.au (@cricketcomau) December 17, 2023
තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව සියලු දෙනා දැවී ලකුණු 487 ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස පාකිස්තානය රැස් කළ ලකුණු සංඛ්‍යාව 271 ක්.
ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලිය තරග 1-0 ක් ලෙස මේ වන විට ඔස්ට්‍රේලියාව පෙරමුණේ පසුවනවා.