පාකිස්තානය සුපිරි 4 වටයට ; ඉන්දු – පාකිස්තාන තරගය වැස්සට සේදෙයි
ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට පාකිස්තාන කණ්ඩායම අද(2) සමත් වුණා.
ඒ, පාකිස්තානය හා ඉන්දියාව අතර මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති තරගාවලියේ තෙවැනි තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිපලයකින් තොරව අවසන් වීමත් සමගයි.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 48.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 266 ක් ලබා ගත්තා. ඒ, පළමු කඩුලු 4 ලකුණු 66 ක් තුළ බිද වැටුණු පසුබිමකයි.
අනතුරුව ඉෂාන් කිෂන් පන්දු 81 කින් ලකුණු 82 ක් හා හර්ඩික් පාන්ඩ්යා පන්දු 90 කින් ලකුණු 87 ක් රැස් කරමින් ඉන්දීය ඉනිම සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියා. කිෂන්ගේ ඉනිමට හයේ පහර 2 ක් හා හතරේ පහර 9 ක් ද, පාන්ඩ්යාගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 7ක් ද ඇතුළත්.
ඔවුන් දෙදෙනා අතර 5 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 138 (141) ක්.
විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ශහීන් ශාහ් අෆ්රිඩි ලකුණු 35 කට කඩුලු 4 ක් දවා ගත්තා. නසීම් ශාහ් හා හැරිස් රවුෆ් කඩුලු 3 බැගින් බිද හෙලුවා.
ඉන්දීය ඉනිම අතරවාරයේ දී ද වර්ෂාවෙන් තරගයට අවස්ථා කිහිපයකදී බාධා එල්ල වුණා. ඉන්දීය ඉනිම අවසන් වීමෙන් පසුව යළි ක්‍රීඩාංගනයට වර්ෂාව ඇද හැළුනු අතර ඒ් හේතුවෙන් පාකිස්තාන ඉනිම ආරම්භ කිරීමට හැකි වූයේ නැහැ. ඒ් අනුව තරගය ප්රතිපලකින් තොරව නිමා කෙරුණා.
මෙම තරගය ප්‍රතිපලයක් රහිතව අවසන් වීම නිසා කණ්ඩායම් දෙකටම එක් ප්‍රසාද ලකුණ බැගින් හිමි වුණා. ඒ අනුවයි පළමු තරගයේ දී නේපාලය පරාජයට පත් කළ පාකිස්තානය සුපිරි 4 වටයට සුදුසුකම් ලබා ගත්තේ.
ප්‍රසාද ලකුණු සටහන –
[team_standings 50660]
[team_standings 50662]