පාකිස්තානය ලෝකෙන්ම එක වෙයි
නවතම එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ හිමි කර ගැනීමට පාකිස්තානය අද(5) සමත් වුණා.
ඒ, නවසීලන්තය සමග පැවැති සිව්වැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 102 ක ජයක් වාර්තා කිරීමත් සමගයි.
මෙතෙක් පෙරමුණේ පසු වූ ඔස්ට්‍රේලියාවට මේ වන විට හිමිව ඇත්තේ දෙවැනි ස්ථානයයි.
අද කරච්චිහී දී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය කඩුලු 6ක් දැවී ලකුණු 334 ක් ලබා ගත්තා. බාබර් අසාම් ලකුණු 107යි.
පිළිතරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තයට රැස් කිරීමට හැකි වුණේ පන්දුවාර 43.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 232 ක් පමණයි.
ඒ අනුව තරග 5කින් යුත් එක්දින තරගාවලිය තරග 4-0 ක් ලෙස මේ වන විට පාකිස්තානය පෙරමුණ ගෙන සිටිනවා.