පාකිස්තානය ලකුණු 91 කට දැවී යයි – නවසීලන්තයට සුපිරි ජයක්

සංචාරක පාකිස්තාන කණ්ඩායම සමග පැවැත්වෙන තරග 5 කින් යුත් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගවාලියේ පළමු තරගයෙන් කඩුලු 9 ක ජයක් වාර්තා කිරීමට නවසීලන්තය සමත් වුණා.
ක්‍රයිස්චර්ච්හීදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානයේ සියලු දෙනා පන්දුවාර 18.4 ක් අවසානයේ ලකුණු 91 කට දැවී ගියා.
කුෂ්දිල් ශාහ් ලකුණු 32 ක් රැස් කළ අතර, පන්දු යැවීමේදී ජේකබ් ඩෆී ලකුණු 14 කට කඩුලු 4 ක් ද, ක්යල් ජමීසන් ලකුණු 8 කට කඩුලු 3 ක් ද දවා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය පන්දුවාර 10.1 ක් අවසානයේ කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රහනය තහවුරු කර ගත්තා.
ටිම් සයිෆර්ට් ලකුණු 44(29) ක්, ෆින් ඇලන් නොදැවී ලකුණූ 29(17) ක් හා ටිම් රොබින්සන් නොදැවී ලකුණු 18(15) ක් රැස් කළා.