පාකිස්තානයෙන් පළමු ටෙස්ට් තරගයට ප්‍රබල ආරම්භයක්
Lunch Report

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද (16) ගාල්ලේ දී ආරම්භ වුණා.
තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.
කෙසේ වෙතත්, නායක දිමුත් කරුණාරත්න ගත් එම තීරණයට සාධාරණයක් ඉටු කිරීමට ශ්‍රී ලංකා මුල්පෙල පිතිකරුවන්ට හැකි වූයේ නැහැ.
දිවා ආහාරය සදහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 4ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 80 ක්.
ආරම්භක පිතිකරුවන් වූ දිමුත් කරුණාරත්න එක් ලකුණකටත්, ඕෂද ප්‍රනාන්දු ලකුණු 35කටත් දැවී ගියා.
කුසල් මෙන්ඩිස් ලකුණු 21 ක් ලබා ගත්තා. ඇන්ජෙලෝ මැතිව්ස්ට මෙම ඉනිමේ දී ලකුණු ලබා ගැනීමට අවස්ථාවක් ලැබුණේ නැහැ.
පන්දු යැවීමේ දී යසීර් ශාහ් කඩුලු 2ක් දවා ගත් අතර, ශහීන් ශාහ් අෆ්රිඩි හා හසන් අලී එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.
— cric fun (@cric12222) July 16, 2022