පාකිස්තානයට ඉනිමක ජයක් – Match Report

0 256

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක හා ලකුණු 44ක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.

රාවල්පින්ඩිහී පැවැති තරගයේ සිව්වන දිනය වූ අද(10) දිනය ආරම්භයේ දී ඉනිමක පරාජයෙන් ගැලවීම සදහා පන්දුවට පහර දෙමින් සිටි බංග්ලාදේශ කණ්ඩායමේ සියලු පිතිකරුවන් දෙවන ඉනිමේ දී ලකුණු 168කට සීමා කිරීමට පාකිස්තාන පන්දු යවන්නන් සමත් වුණා.

මොමිනුල් හක් ලකුණු 41යි.

පන්දු යැවීමේ දී නසීම් ශාහ් සහ යසීර් ශාහ් කඩුලු 4 බැගින් බිද හෙලුවා.

ALSO READ : කඩුලු ත්‍රිත්වයක් දවා ගත් ලොව ලාබාලතම පන්දු යවන්නා බවට නසීම් පත් වෙයි

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය සියලු දෙනා දැවී ලකුණු 233ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස පාකිස්තානය සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 445ක් රැස් කළා.

බාබර් අසාම් ලකුණූ 143ක් සහ ශාන් මසූඩ් ලකුණු 100ක් ලබා ගනිමින් පාකිස්තාන ඉනිම ශක්තිමත් කළා.

මෙය බංග්ලාදේශය අඛණ්ඩව පරාජයට පත් වූ හයවැනි ටෙස්ට් තරගය වන අතර, ඉන් තරග 5ක්ම ඔවුන් ඉනිමකින් පරාජයට පත් වීම ද විශේෂත්වයක්.

අවසන් වරට බංග්ලාදේශය ටෙස්ට් තරගයක් ජය ගෙන ඇත්තේ 2018 වසරේ දෙසැම්බර් මාසයේ දී යි.

දෙරට අතර පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අප්‍රේල් පස් වනදා කරච්චි හී දී ආරම්භ වීමට නියමිතයි.

ඊට පෙර දෙරට අතර එක්දින ක්‍රිකට් තරගයක් ද අප්‍රේල් 3 වනදා පැවැත්වෙනු ඇති.

තරගයේ ලකුණු සටහන –

You might also like

Leave A Reply

Your email address will not be published.