ප්‍රසාද ලකුණු සටහන අනුව තීරණය වූ LPL අවසන් වටයේ තරග කාලසටහන

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ (Playoffs) තරග එළඹෙන ඉරිදා(19) දිනයේ දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
අවසන් වටයේ දී අවසන් මහා තරගය ඇතුළුව තරග 4ක් පැවැත්වෙන අතර, අවසන් වටයේ පළමු තරගය ලෙස සාමාන්‍යයෙන් සැලකෙන Qualifier 1 තරගය සදහා මෙවර සුදුසුකම් ලබා ගත්තේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම හා ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමයි.
මූලික වටයේ දී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගත් කණ්ඩායම හා දෙවන ස්ථානය හිමි කර ගත් කණ්ඩායමයි එලෙස Qualifier 1 තරගයට සුදුසුකම් ලබා ඇත්තේ.
එම තරගය ඉරිදා රාත්‍රී 7.30ට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.
මෙම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම සෘජුවම අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගන්නවා.
අදාළ තරගයට පෙර Eliminator තරගය එදිනම පස්වරු 3.00ට හම්බන්තොට දී ම පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානය දිනා ගත් කලම්බු ස්ටාර්ස් කණ්ඩායම හා සිව්වන ස්ථානය හිමි කර ගත් දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමයි Eliminator තරගයට ක්‍රීඩා කරන්නේ.
මෙම තරගයෙන් පරාජයට පත්වන කණ්ඩායම තරගාවලියෙන් ඉවත් වන අතර, ජය ගන්නා කණ්ඩායම Qualifier 2 තරගය සදහා ක්‍රීඩා කිරීමට නියමිතයි.
එහිදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන්නේ Qualifier 1 තරගයෙන් පරාජයට පත් වූ කණ්ඩායමයි.
Qualifier 2 තරගය පැවැත්වෙන්නේ එළඹෙන 21 වනදායි.
ඉන් ජය ගන්නා කණ්ඩායම ද අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි.
අවසන් මහා තරගය පැවැත්වෙන්නේ එළඹෙන 23 වනදායි.
Here’s how it looks right now; the eliminator is between @SLColomboStars and @DambullaGiants, the first qualifier between @KingsJaffna and @GalleGladiators. Both games will be played at Sooriyawewa, Sunday!#LPL2021 #WinTogether #LankaPremierLeague #TheFutureisHere pic.twitter.com/82vinlR0JU
— LPL – Lanka Premier League (@LPLT20) December 17, 2021