Ultimate magazine theme for WordPress.

ප්‍රධාන වට 16 අවසන් ; ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුටම LPL අහිමි වන ලකුණු

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරීම (Draft) හෙවත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු තවදුරටත් සිදු වෙමින් පවතිනවා.

ක්‍රීඩකයින් තෝරා ගැනීම කාණ්ඩ කිහිපයක් යටතේ වට 20කින් යුතුවයි සිදු වන්නේ.

එහි ප්‍රධාන වට 16 මේ වන විට අවසන්ව ඇති අතර, මින් පසුව එළඹ ඇත්තේ දේශීය අතිරේක ක්‍රීඩකයින් තෝරා ගන්නා අවසන් වට 4යි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයින් වන කුසල් ජනිත් පෙරේරා, ඇන්ජෙලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් හා 20යි 20 කණ්ඩායමේ උප නායක ධනංජය ද සිල්වා යන ක්‍රීඩකයින් කිසිදු කණ්ඩායමක් විසින් සිය කණ්ඩායම් සදහා මෙතෙක් තෝරා ගෙන නැහැ.

පළමු වට 16 නිමා වන විට ඒ ඒ කණ්ඩායම් විසින් ක්‍රීඩකයින් තෝරා ගෙන ඇත්තේ පහත සදහන් ආකාරයටයි.

ජැෆ්නා කිංග්ස් –

  1. සුවිශේෂ – විදේශ : ෆෆ් ඩු ප්ලෙසිස්
  2. සුවිශේෂ – දේශීය : තිසර පෙරේරා
  3. දියමන්ති – විදේශ : වහාබ් රියාස්
  4. දියමන්ති – දේශීය : වනිඳු හසරංග
  5. රන් – විදේශ – A : ෂොයෙබ් මලික්
  6. රන් – විදේශ – B : උස්මාන් ශින්වාරි
  7. රන් – විදේශ – B : රාමනල්ලා ගුර්බාස්
  8. රන් – දේශීය – A : අවිශ්ක ප්‍රනාන්දු
  9. රන් – දේශීය – B : උපුල් තරංග
  10. රන් – දේශීය – B : චතුරංග ද සිල්වා
  11. ක්ලැසික් – විදේශ : ජෙඩ්න් සීල්ස්
  12. ක්ලැසික් දේශීය A : සුරංග ලක්මාල්
  13. ක්ලැසික් දේශීය B : අෂේන් බණ්ඩාර
  14. ක්ලැසික් දේශීය B : මහීෂ් තීක්ෂණ
  15. නැගී එන දේශීය : චාමික ගුණසේකර
  16. නැගී එන දේශීය : විජයකාන්ත් වියස්කාන්ත්

කලම්බු ස්ටාර්ස් –

  1. සුවිශේෂ – විදේශ : ක්‍රිස් ගේල්
  2. සුවිශේෂ – දේශීය : දුෂ්මන්ත චමීර
  3. දියමන්ති – විදේශ : අහමඩ් ශේසාඩ්
  4. දියමන්ති – දේශීය : ඩිල්ෂාන් මුණවීර
  5. රන් – විදේශ – A : මොහොමඩ් ඉර්ෆාන්
  6. රන් – විදේශ – B : අල් අමීන් හොසේන්
  7. රන් – විදේශ – B : ටස්කින් අහමඩ්
  8. රන් – දේශීය – A : පැතුම් නිස්සංක
  9. රන් – දේශීය – B : ලක්ෂාන් සදකැන්
  10. රන් – දේශීය – B : සීක්කුගේ ප්‍රසන්න
  11. ක්ලැසික් – විදේශ : මන්ප්‍රීට් සිං
  12. ක්ලැසික් දේශීය A : ගිහාන් රූපසිංහ
  13. ක්ලැසික් දේශීය B : ළහිරු ගමගේ
  14. ක්ලැසික් දේශීය B : ටී.එම් සම්පත්
  15. නැගී එන දේශීය : නුවනිදු ප්‍රනාන්දු
  16. නැගී එන දේශීය : ජෙහාන් ඩැනියෙල්

ගෝල් ග්ලැඩියේටර්ස් –

  1. සුවිශේෂ – විදේශ : මොහොමඩ් හෆීස්
  2. සුවිශේෂ – දේශීය : ඉසුරු උදාන
  3. දියමන්ති – විදේශ : ටැබ්රයිස් ශම්සි
  4. දියමන්ති – දේශීය : කුසල් මෙන්ඩිස්
  5. රන් – විදේශ – A : මොහොමඩ් අමීර්
  6. රන් – විදේශ – B : සමිත් පටෙල්
  7. රන් – විදේශ – B : සෆ්‍රාස් අහමඩ්
  8. රන් – දේශීය – A : ධනුෂ්ක ගුණතිලක
  9. රන් – දේශීය – B : භානුක රාජපක්ෂ
  10. රන් – දේශීය – B : ධනංජය ලක්ෂාන්
  11. ක්ලැසික් – විදේශ : අන්වර් අලී
  12. ක්ලැසික් දේශීය A : පුලින තරංග
  13. ක්ලැසික් දේශීය B : නුවන් තුෂාර
  14. ක්ලැසික් දේශීය B : ළහිරු මදුෂංක
  15. නැගී එන දේශීය : දිල්ෂාන් මදුෂංක
  16. නැගී එන දේශීය : අෂේන් ඩැනියෙල්

කැන්ඩි වොරියර්ස් –

  1. සුවිශේෂ – විදේශ : රොව්මන් පවෙල්
  2. සුවිශේෂ – දේශීය : චරිත් අසලංක
  3. දියමන්ති – විදේශ : කැමරන් ඩෙල්පොට්
  4. දියමන්ති – දේශීය : ළහිරු කුමාර
  5. රන් – විදේශ – A : මොහොමඩ් මිතුන්
  6. රන් – විදේශ – B : නස්මුල් ඉස්ලාම් අපු
  7. රන් – විදේශ – B : මෙහෙදි හසන් රානා
  8. රන් – දේශීය – A : ඇන්ජෙලෝ පෙරේරා
  9. රන් – දේශීය – B : අසේල ගුණරත්න
  10. රන් – දේශීය – B : මිලින්ද සිරිවර්ධන
  11. ක්ලැසික් – විදේශ : අම්ජාඩ් ඛාන්
  12. ක්ලැසික් දේශීය A : ඉෂාන් ජයරත්න
  13. ක්ලැසික් දේශීය B : බිනුර ප්‍රනාන්දු
  14. ක්ලැසික් දේශීය B : කමිදු මෙන්ඩිස්
  15. නැගී එන දේශීය : කමිල් මිෂාර
  16. නැගී එන දේශීය : අයන් සිරිවර්ධන

දඹුල්ල ජයන්ට්ස් –

  1. සුවිශේෂ – විදේශ : ඉම්රාන් තහීර්
  2. සුවිශේෂ – දේශීය : දසුන් ශානක
  3. දියමන්ති – විදේශ : රයිලි රොසව්
  4. දියමන්ති – දේශීය : චාමික කරුණාරත්න
  5. රන් – විදේශ – A : ෂොයෙබ් මක්සූඩ්
  6. රන් – විදේශ – B : ඔඩියන් ස්මිත්
  7. රන් – විදේශ – B : ජොෂ් ලිට්ල්
  8. රන් – දේශීය – A : නිරෝෂන් දික්වැල්ල
  9. රන් – දේශීය – B : නුවන් ප්‍රදීප්
  10. රන් – දේශීය – B : රමේෂ් මෙන්ඩිස්
  11. ක්ලැසික් – විදේශ : නජිබුල්ලාහ් සඩ්රාන්
  12. ක්ලැසික් දේශීය A : තරිදු රත්නායක
  13. ක්ලැසික් දේශීය B : ළහිරු උදාර
  14. ක්ලැසික් දේශීය B : සාෂා සෙනවිරත්න
  15. නැගී එන දේශීය : මුදිත ලක්ෂාන්
  16. නැගී එන දේශීය : කලන පෙරේරා
Leave a comment
x