ප්‍රෙටෝරියස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙයි
දකුණු අප්‍රිකා තුන් ඉරියව් ක්‍රීඩක ඩ්වේයන් ප්‍රෙටෝරියස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.
20යි 20 තරග සදහා වැඩි අවධානයක් යොමු කිරීමේ අරමුණින් තමා මෙම තීරණය ගත් බවයි ඔහු සදහන් කළේ.
2016 වසරේ දී ජාත්‍යන්තර වරම් දිනා ගත් 33 හැවිරිදි ප්‍රෙටෝරියස් දකුණු අප්‍රිකාව වෙනුවෙන් 20යි 20 තරග 30 ක්, එක්දින තරග 27 ක් හා ටෙස්ට් තරග 3ක් ක්‍රීඩා කළා.