ප්‍රවේශ පත්‍ර අලෙවි වී අවසන් : SLC

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිත 5 වැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගයේ සියලු ප්‍රවේශ පත්‍ර මේ වන විටත් අලෙවි වී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
තරගාවලිය මේ වන විට තරග 3-1ක් ලෙස පෙරමුණ ගෙන සිටින්නේ ශ්‍රී ලංකාවයි.
තරගාවලියේ අවසන් එක්දින තරගය එළඹෙන සිකුරාදා (24) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමට නියමිතයි.
එක්දින තරගාවලියෙන් පසුව දෙරට අතර පැවැත්වෙන තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලිය එළඹෙන 29 වැනිදා ගාල්ලේ දී ආරම්භ වනවා.
එම තරගාවලිය සදහා ප්‍රවේශ පත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වෙබ් අඩවියෙන් හා කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයෙන් මිලදී ගත හැකියි.
එළඹෙන 26 වැනිදා සිට ගාල්ල ක්‍රීඩාංගනයෙන් ද ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකි බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
රුපියල් 300, 500, 1,000, 5,000 හා 7,500 යන මිල ගණන් යටතේ ප්‍රවේශ පත්‍ර අලෙවි කරනු ලබනවා.