Ultimate magazine theme for WordPress.

ප්‍රමෝද්ට එක්දින වරම් ; ශ්‍රී ලංකාවෙන් පස්වැනි තරගයට වෙනස්කම් තුනක්

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන 5 වැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමටයි ඔවුන් තීරණය කළේ.

මෙම තරගය සදහා ශ්‍රී ලංකාවෙන් වෙනස්කම් 3ක් සිදු කර තිබෙනවා.

ඒ අනුව වේග පන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද් මදුෂාන් අද දිනයේ දී ජාත්‍යන්තර එක්දින වරම් දිනා ගත්තා.

දිනේෂ් චන්දිමාල් හා ධනුෂ්ක ගුණතිලක ද කණ්ඩායමට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

ඔවුන් වෙනුවට කණ්ඩායමෙන් ඉවත් කර ඇත්තේ නිරෝෂන් දික්වැල්ල, වනිදු හසරංග හා ධනංජය ද සිල්වා යන ක්‍රීඩකයින්.

මේ අතර, ඔස්ට්‍රේලියානු කණ්ඩායම සදහා ආබාධයකට ලක් වූ ට්‍රැවිස් හෙඩ් වෙනුවට ජොෂ් ඉන්ග්ලිස් කැදවා තිබෙනවා. මෙය ඔහුගේ මංගල එක්දින තරගයයි.

කණ්ඩායම් දෙක –

Sri Lanka XI:

Danushka Gunathilaka, Pathum Nissanka, Charith Asalanka, Kusal Mendis, Dinesh Chandimal, Dasun Shanaka, Chamika Karunaratne, Dunith Wellalage, Pramod Madushan, Jeffrey Vandersay, Maheesh Theekshana

Australia XI:

David Warner, Aaron Finch, Mitchell Marsh, Josh Inglis, Marnus Labuschagne, Alex Carey, Glen Maxwell, Cameron Green, Pat Cummins, Matthew Kuhnemann, Josh Hazlewood