ප්‍රභාත් ඉන්දියාවේ දී සම්මානයෙන් පිදුම් ලබයි

සියැට් ක්‍රිකට් සම්මාන ප්‍රදානෝත්සවය (CEAT Cricket Rating (CCR) awards 2023) පසුගියදා ඉන්දියාවේ මුම්බායි හී දී පැවැත්වුණා.
ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින් රැසකගේ සහභාගීත්වයෙන් පැවැති මෙම සම්මාන ප්‍රදානෝත්සවයේ දී ක්‍රිකට් පිටියේ දැක් වූ දක්ෂතා වෙනුවෙන් ක්‍රීඩකයින් රැසක් සම්මානයෙන් පිදුම් ලැබුවා.
සියැට් වසරේ එක්දින පිතිකරුවා ලෙස ඉන්දියාවේ ෂුබ්මන් ගිල් සම්මානයෙන් පිදුම් ලැබූ අතර, සියැට් වසරේ 20යි 20 පිතිකරුවා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ ඉන්දියාවේ සූර්යකුමාර් යාදව්.
වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයෙන් ද ෂුබ්මන් ගිල් සම්මානයෙන් පිදුම් ලැබුවා.
වසරේ ටෙස්ට් පිතිකරුවා සම්මානය නවසීලන්තයේ කේන් විලියම්සන් හිමි කර ගත් අතර, ටෙස්ට් පන්දු යවන්නා සම්මානයෙන් පිදුම් ලැබුවේ ශ්‍රී ලංකාවේ ප්‍රභාත් ජයසූරියයි.
ඔස්ට්‍රේලියාවේ ඇඩම් සම්පා වසරේ එක්දින පන්දු යවන්නා ලෙසත්, ඉන්දියාවේ බුවනේෂ්වර් කුමාර් 20යි 20 පන්දු යවන්නා ලෙසත් සම්මාන හිමි කර ගත්තා.
සම්මාන බෙදී ගිය අයුුරු –
- CEAT Lifetime Achievement Winner: Madan Lal
- CEAT Lifetime Achievement Winner: Karsan Ghavri
- CEAT Men’s International Cricketer of the Year: Shubman Gill
- CEAT Women’s International Cricketer of the Year: Deepti Sharma
- CEAT International Batter of the Year: Shubman Gill
- CEAT ODI Batter of the Year: Shubman Gill
- CEAT ODI Bowler of the Year: Adam Zampa
- CEAT International Bowler of the Year: Tim Southee
- CEAT Test Batsman of the Year: Kane Williamson
- CEAT Test Bowler of the Year: Prabhat Jayasuriya
- CEAT T20 Batsman of the Year: Suryakumar Yadav
- CEAT T20 Bowler of the Year: Bhuvneshwar Kumar
- CEAT Domestic Cricketer of the Year: Jalaj Saxena
- Best Coach: Brendon McCullum