ප්‍රභාත් අයි.සී.සී සම්මානයකට නිර්දේශ කෙරේ
අප්‍රේල් මාසයේ අයි.සී.සී ක්‍රිකට් ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව සදහා වන නිර්දේශිත නාම ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් අද(3) ප්‍රකාශයට පත් කළා.
එම සම්මාන සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනෙකු බැගින් නිර්දේශ කිරීමටයි අයි.සී.සීය පියවර ගෙන ඇත්තේ.
ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය ද අප්‍රේල් මාසයේ අයි.සී.සී ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය සදහා නිර්දේශ කර තිබෙනවා.
ඒ, අයර්ලන්තය සමග පැවැති තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ දී කඩුලු 17 ක් දවා ගනිමින් ඔහු දැක් වූ දක්ෂතා හේතුවෙන්.
මීට පෙර 2022 ජූලි මාසයට අදාළ අයි.සී.සී මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය ද ප්‍රභාත් ජයසූරිය විසින් දිනා ගත්තා.
අප්‍රේල් මාසයේ අයි.සී.සී ක්‍රිකට් ක්‍රීඩකයා සදහා වන නිර්දේශිත නාම අතරට නවසීලන්තයේ මාර්ක් චැප්මන් හා පාකිස්තානයේ ෆකාර් සමාන් ද ඇතුළත්.
අප්‍රේල් මාසයේ අයි.සී.සී ක්‍රිකට් ක්‍රීඩිකාව සදහා වන නිර්දේශිත නාම වන්නේ Naruemol Chaiwai (Thailand) Kavisha Egodage (UAE) හා Kelis Ndlovu (Zimbabwe).