ප්‍රබල ශ්‍රී ලංකා පිතිකරුවෙකුට බංග්ලාදේශ සංචාරය අහිමි වීමේ අවධානමක්

ශ්‍රී ලංකා මුල් පෙල පිතිකරු පැතුම් නිස්සංකට එළඹෙන බංග්ලාදේශ තරග සංචාරය අහිමි වීමේ අවධානමක් මතුව ඇති බව වාර්තා වනවා.
ඔහුගේ පිට කොන්ද ආශ්‍රිතව ඇතිව තිබෙන ආබාධ තත්ත්වයක් හේතුවෙන් පැතුම්ට එම තරගාවලිය අහිමි වීමට ඉඩ ඇති බව සදහන්.
ආබාධයක් හේතුවෙන් ඔහුට ඉන්දියාව සමග නිමා වූ දෙවැනි ටෙස්ට් තරගය ද ක්‍රීඩා කිරිමට හැකි වූයේ නැහැ.
මේ වන විට ටෙස්ට් තරග 7ක් ක්‍රීඩා කර ඇති 23 හැවිරිදි පැතුම් එහිදී ලකුණු 45ක ඉනිමක සාමාන්‍යයක් සටහන් කර ගැනීමට සමත්ව තිබෙනවා.
ටෙස්ට් පිටියේ දී ඔහු ශතකයක් හා අර්ධ ශතක 5ක් වාර්තා කිරීමට ද සමත් වුණා.
බංග්ලාදේශ තරග සංචාරයේ දී බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව අතර ටෙස්ට් තරග දෙකක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය මැයි 15 වනදා ද, දෙවැනි ටෙස්ට් තරගය මැයි 23 වනදා ද ආරම්භ වීමට නියමිතයි.