Ultimate magazine theme for WordPress.

ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩකයින් දෙදෙනෙක් යළි ශ්‍රී ලංකා සංචිතයට කැදවයි

තුන් ඉරියව් ක්‍රීඩකයින් දෙදෙනෙකු වන හිටපු නායක දසුන් ශානක හා චාමික කරුණාරත්න ශ්‍රී ලංකා විස්සයි 20 සංචිතයට යළි කැදවා ඇති බවට තොරතුරු වාර්තා වන්නේ යැයි Newswire වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිත විස්සයි 20 තරගාවලිය වෙනුවෙනුයි මෙම කැදවීම සිදු කර ඇත්තේ.

2026 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය අරමුණු කර ගනිමින් මෙම කැදවීම සිදු කර ඇති බව වාර්තා වනවා.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙතෙක් විස්සයි 20 සංචිතය නිල වශයෙන් නිවේදනය කර නැහැ.

දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් යුත් විස්සයි 20 තරගාවලිය ජූලි 10, 13 හා 16 යන දිනවලදී මහනුවර පලලේකැලේ, රංගිරි දඹුලු හා කොළඹ ආර්. ප්‍රේමදාස යන ක්‍රීඩාංගනවලදී පැවැත්වීමට නියමිතයි.