ප්‍රබල ක්‍රීඩකයින් රැසක් කැදවමින් පළමු එක්දින තරගයට ඔස්ට්‍රේලියානු කණ්ඩායම නම් කෙරේ

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය හෙට(28) ආරම්භ වනවා.
පළමු තරගය මෙරට වේලාවෙන් පෙරවරු 5.10 ට ඔස්ට්‍රේලියාවේ ටවුන්ස්විල් (Townsville) හී දී ආරම්භ වීමට නියමිතයි.
පළමු තරගය සදහා වන ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද නිවේදනය කෙරුණු අතර, ප්‍රබල ක්‍රීඩකයින් රැසක් කණ්ඩායම සදහා කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.
සිය බිරිද පළමු දරු උපත වෙනුවෙන් සූදානමින් සිටි බැවින් නිමා වූ ශ්‍රී ලංකා තරග සංචාරයට එක් නොවූ දග පන්දු යවන ක්‍රීඩක ඇඩම් සම්පා ද පළමු තරගය සදහා නම් කිරීමට පියවර ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකාවට එරෙහි අවසන් එක්දින තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වූ ස්ටීව් ස්මිත්, මාර්කස් ස්ටොයිනිස් හා මිචෙල් ස්ටක් ද සිම්බාබ්වේ පිලට එරෙහි පළමු එක්දින තරගයට ඇතුළත්.
සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස් මෙම තරගාවලියෙන් විවේක ගැන්වීමටයි පියවර ගැණුනේ.
මෙම තරගාවලිය අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගය යටතට ද අයත් වනවා.
Australia XI for first ODI:
Aaron Finch (c), David Warner, Steve Smith, Alex Carey (wk), Marcus Stoinis, Mitchell Marsh, Glenn Maxwell, Cameron Green, Mitchell Starc, Adam Zampa, Josh Hazlewood