ප්‍රබලයින් දෙදෙනෙකු යළි ඉන්දීය 20යි 20 සංචිතයට කැදවයි

ඇෆ්ඝනිස්තානය සමග පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන ඉන්දීය සංචිතය නම් කර තිබෙනවා.
සංචිතය සදහා නිත්‍ය නායක රෝහිත් ෂර්මා මෙන්ම සුපිරි පිතිකරු විරාත් කෝලි ද යළි කැදවීමටයි එරට තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ. ඔවුන් දෙදෙනා වසරකටත් වැඩි කාලයකින් 20යි 20 ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කර නැහැ.
මෙම 20යි 20 තරගාවලිය ජූනි මාසයේ පැවැත්වීමට නියමිත 2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ඉන්දියාව ක්‍රීඩා කරන අවසන් 20යි 20 තරගාවලිය වීම විශේෂත්වයක්.
20යි 20 සංචිතයේ නායකයා ලෙස රෝහිත් ෂර්මා නම් කර ඇති අතර, ඔහු නොමැතිව පසුගිය කාලයේ දී ඉන්දියාව ක්‍රීඩා කළ තරගාවලියන් හී දී කණ්ඩායමේ නායකත්වය දැරූ හර්ඩික් පාන්ඩ්යා හා සූර්යකුමාර් යාදව් ආබාධ හේතුවෙන් ඇෆ්ඝනිස්තානයට එරෙහි තරගාවලිය සදහා නම් කර නැහැ.
කෙසේ වෙතත්, පාන්ඩ්යා හා සූර්යකුමාර් එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට සූදානම් බව සදහන්.
ආබාධයකට ලක්ව සිටින රුටුරාජ් ගයික්වඩ්ට ද ඇෆ්ඝනිස්තානයට එරෙහි 20යි 20 තරගාවලිය අහිමි වී තිබෙනවා.
කේ එල් රාහුල්, ෂ්රෙයස් අයියර්, රවීන්ද්‍ර ජඩේජා, ජස්ප්‍රිට් බුම්රා හා මොහමඩ් සිරාජ්ට 15 දෙනෙකුගෙන් යුත් සංචිතයේ ස්ථාන හිමිව නැහැ.
ජිටේෂ් ෂර්මා හා සංජු සැම්සන් සංචිතය සදහා නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
ඉන්දු-ඇෆ්ඝනිස්තාන 20යි 20 තරගාවලිය ජනවාරි 11, 14 හා 17 යන දිනවලදී මොහාලි, ඉන්දෝර් හා බැංගලෝර් හී දී පැවැත්වීමට නියමිතයි.
මෙය ඉන්දියාව හා ඇෆ්ඝනිස්තානය අතර ද්විපාර්ශ්වික 20යි 20 තරගාවලියක් පැවැත්වෙන පළමු අවස්ථාවයි.
India’s T20I squad for series vs Afghanistan –
Rohit Sharma (c), Shubman Gill, Yashasvi Jaiswal, Virat Kohli, Tilak Varma, Rinku Singh, Jitesh Sharma (wk), Sanju Samson (wk), Shivam Dube, Washington Sundar, Axar Patel, Ravi Bishnoi, Kuldeep Yadav, Arshdeep Singh, Avesh Khan, Mukesh Kumar