ප්‍රබලයින් කැදවමින් ඔස්ට්‍රේලියාව එක්දින සංචිතය නම් කරයි
ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කර තිබෙනවා.
පසුගිය දිනවලදී විවිධ හේතූන් මත ඉන්දියාවේ සිට යළි ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගිය නායක පැට් කමින්ස්, ඩේවිඩ් වෝනර් හා ඇෂ්ටන් ඒගාර් ද ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් එක්දින සංචිතයට නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
ආබාධවලට ලක්ව සිටි තුන් ඉරියව් ක්‍රීඩකයින් වන මිචෙල් මාෂ් හා ග්ලේන් මැක්ස්වෙල් මෙම තරගාවලියේ දී යළි ජාත්‍යන්තර පිටියට පිවිසීමට නියමිතයි.
වේග පන්දු යවන ක්‍රීඩක ජායි රිචර්ඩ්සන් ද දීර්ඝ කාලයකට පසු යළි ජාතික කණ්ඩායමට කැදවා තිබෙනවා.
පැට් කමින්ස් පවුලේ අසනීප තත්ත්වයක් හේතුවෙන් යළි ඔස්ට්‍රේලියාවට පැමිණිය ද, ඔහු දෙරට අතර ආරම්භ වීමට නියමිත තෙවැනි ටෙස්ට් තරගයට පෙර යළි ඉන්දියාවේ දී සංචිතය සමග එක්වීමට නියමිතයි.
ආබාධයක් හේතුවෙන් ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කිරීමට නොහැකි වූ ජොෂ් හේසල්වුඩ්ට එක්දින තරගාවලිය ද අහිමි වී තිබෙනවා.
ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිත පළමු එක්දින තරගය මාර්තු 17 වැනිදා මුම්බායි හී දී ද, දෙවැනි එක්දින තරගය මාර්තු 19 වැනිදා විසාකපට්නම් හී දී ද, තෙවැනි එක්දින තරගය මාර්තු 22 වැනිදා චෙන්නායි හී දී ද පැවැත්වීමට නියමිතයි.
Australia ODI squad:
Pat Cummins (c), Sean Abbott, Ashton Agar, Alex Carey, Cameron Green, Travis Head, Josh Inglis, Marnus Labuschagne, Mitchell Marsh, Glenn Maxwell, Jhye Richardson, Steve Smith, Mitchell Starc, Marcus Stoinis, David Warner, Adam Zampa