“පළිගන්නයි ඕනෙ වුණේ. වේදනාව ඉන්දියාවටත් දැනෙන්න ඕනෙ” – බංග්ලාදේශ ක්‍රීඩකයෙක් ගැටුම ගැන කියූ දේ

0 724

තරග පරාජය හමුවේ ලබන වේදනාව ඉන්දීය යොවුන් ක්‍රීඩකයින්ට පෙන්වා දීමට තමන්ට අවශ්‍ය වූ බව ලෝක ශූර බංග්ලාදේශ යොවුන් ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ශොරිෆුල් ඉස්ලාම් පවසනවා.

යොවුන් ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයෙන් අනතුරුව කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින් අතර ඇති වූ ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

“ඇත්තටම අපි ඉන්දියාව හමුවේ මෑතකදී ජයග්‍රහනයට ඉතා ආසන්නයට ඇවිත් තරග දෙකක් පැරදුනා. එකක් 2018 ආසියානු කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගය. අනෙක 2019 ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය. ඒ පරාජවලදී දැණුනු දේ විස්තර කරන්න හරි අමාරුයි. ලෝක කුසලානයේ අවසන් තරගයට පෙර මට හිතුන ජයග්‍රහනවලින් පසු ඔවුන් කළ දේ සහ අපිට එය දැණුනු හැටි.”

යනුවෙන් ශොරිෆුල් ඉස්ලාම් Daily Star වෙත සදහන් කළා.

“පළමුව අපිට ගොඩක් නරක දෙයක් දැණුනෙ. අපි අපේ රටේ දී ම ඔවුන් හමුවේ පරාජයට පත් වුණා ලකුණු දෙකකින්.(ආසියානු කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගය – 2018)  එදා ඔවුන් අප ඉදිරියේ දරුණු ලෙස සැමරුවා. අපි මොකුත් කීවෙ නෑ. අපි බලං හිටිය ඔවුන් යළිත් අවසන් තරගයකදී අපිට මුණ ගැහෙන තුරු”

ඔහුගේ හිතේ පලිගැනීමේ චේතනාවක් පැවතියේ ද යන්න මෙහිදී ප්‍රශ්න කෙරුණු අතර, ඊට සිනහමුසු මුහුණින් යුතුව ශොරිෆුල් ඉස්ලාම් දැක් වූයේ මෙවන් ප්‍රතිචාරයක්.

“ඔව්. අපිට අවස්ථාවක් ලැබුණ. මට අවශ්‍ය වූයේ එය අප සැමට ලබා දීමටයි. එතකොට ඔවුන්ට (ඉන්දියාවට) දැන ගන්න පුලුවන් තරග පරාජයකින් පසුව ප්‍රතිවාදීන් තමන් ඉදිරියේ එය සමරන විට දැනෙන හැගීම.”

You might also like

Leave A Reply

Your email address will not be published.