පළමු 20යි 20 වැස්සට සේදෙයි
සංචාරක ඉන්දීය කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය වර්ෂාව හේතුවෙන් සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට විනිසුරුවන් අද(18) කටයුතු කළා.
තරගය වෙලින්ටන් හී දී පැවැත්වීමට නියමිතව තිබූ අතර, වර්ෂාව හේතුවෙන් තරගයේ කාසියේ වාසිය උරගා බැලීමක් හෝ සිදු කිරීමට හැකි වූයේ නැහැ.
තරගාවලියේ දෙවැනි 20යි 20 තරගය එළඹෙන 20 වැනිදා Mount Maunganui හී දී පැවැත්වීමට නියමිත අතර, තෙවැනි හා අවසන් 20යි 20 තරගය එළඹෙන 22 වැනිදා Napier හී දී පැවැත්වීමට නියමිතයි.
අනතුරුව දෙරට අතර තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියක් ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.
India & New Zealand players having fun during rain break. pic.twitter.com/QjkaxdlOGr
— Johns. (@CricCrazyJohns) November 18, 2022