Ultimate magazine theme for WordPress.

පළමු 20යි 20 යොවුන් කාන්තා ලෝක ශූරතාවය ඉන්දියාවට

Match Report

ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් පළමු වරට සංවිධාන කළ අයි.සී.සී වයස අවුරුදු 19න් පහළ පන්දුවාර 20යි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරයින් ලෙස කිරුළු පැළදීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

ඒ, අවසන් මහා තරගයේ දී එංගලන්ත වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම කඩුලු 7කින් පරාජයට පත් කරමින්.

දකුණු අප්‍රිකාවේ Potchefstroom හි Senwes Park හී දී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය පන්දුවාර 17.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 68 ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව පන්දුවාර 14 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කරමින් ලෝක ශූරයින් බවට පත් වුණා.