Ultimate magazine theme for WordPress.

පළමු 20යි 20 න් ශ්‍රී ලංකාවට කඩුලු 5 ක පරාජයක්

Match Report

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට සංචාරක නවසීලන්ත කාන්තා කණ්ඩායම අද(8) සමත් වුණා.

කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තයේ ආරාධයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 9 ක් දැවී රැස් කළේ ලකුණු 106 ක් පමණයි.

තරගයේ පළමු පන්දුවෙන්ම චමරි අතපත්තු දැවී ගියා. විශ්මි ගුණරත්න ලකුණු 26 ක් ද, අනුෂ්කා සංජීවනී හා ඕෂධී රණසිංහ ලකුණු 18 බැගින් ද ලබා ගත්තා. හර්ෂිතා සමරවික්‍රම ලකුණු 12 යි.

පන්දු යැවීමේ දී Eden Carson, Leigh Kasperek හා Amelia Kerr කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය ඉනිම නිමා වීමට පන්දු 7 ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 5 ක් දැවී සිටියදීයි.

Suzie Bates ලකුණු 44 ක් ද, Amelia Kerr ලකුණු 34 ක් ද රැස් කළා.

පන්දු යැවීමේ දී ඉනෝෂි ප්‍රියදර්ශනී ලකුණු 17 කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුණා.