Ultimate magazine theme for WordPress.

පළමු 20යි 20 තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රකාශයට කෙරේ

ඔස්ට්‍රේලියාව සමග අද(7) පැවැත්වෙන පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව ආරම්භක පිතිකරුවන් ලෙස පැතුම් නිස්සංක සමගින් ධනුෂ්ක ගුණතිලක ක්‍රීඩා කිරීමට නියමිතයි.

අංක 3 පිතිකරු ලෙස චරිත් අසලංක ද, අංක 4 පිතිකරු ලෙස කුසල් මෙන්ඩිස් ද ක්‍රීඩා කරනු ඇති.

භානුක රාජපක්ෂ ද යළි කණ්ඩායමේ ස්ථානයක් හිමි කර ගැනීමට සමත්ව තිබෙනවා.

ප්‍රධාන වේග පන්දු යවන්නන් ලෙස දුෂ්මන්ත චමීර හා නුවන් තුෂාර කණ්ඩායමට ඇතුළත්.

තරගය රාත්‍රී 7ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

මේ අතර, තරගය නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂකයින්ට පස්වරු 4 සිට ක්‍රීඩාංගනයට ඇතුළු වීමට අවස්ථාව ලබා දී තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටියේ තදබදය අවම කර ගැනීමේ අරමුණින් වේලාසනින් ක්‍රීඩාංගනය වෙත පැමිණෙන ලෙසයි.

තරගය සදහා වන ප්‍රවේශ පත්‍ර මේ වන විටත් අලෙවි වී අවසන්.

ශ්‍රී ලංකා කණ්ඩායම –

01) Pathum Nissanka
02) Danushka Gunathilaka
03) Charith Asalanka
04) Kusal Mendis
05) Bhanuka Rajapaksa
06) Dasun Shanaka – Captain
07) Wanindu Hasaranga
08) Chamika Karunaratne
09) Dushmantha Chameera
10) Maheesh Theekshana
11) Nuwan Thushara