පළමු 20යි 20න් ඉන්දියාවට කඩුලු 6ක ජයක්
Match Report

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 6ක ජයක් වාර්තා කරමින් තරග 1-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගැනීමට ඉන්දියාව අද(16) සමත් වුණා.
කොල්කටා හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන් කඩුලු 7ක් දැවී ලකුණූ 157ක් ලබා ගත්තා.
නිකලස් පූරාන් පන්දු 43කින් ලකුණු 61ක් රැස් කළා. ඒ, හයේ පහර 5ක් හා හතරේ පහර 4ක් සමගින්.
ක්යල් මේයර්ස් ලකුණු 31ක් හා කයිරන් පොලාඩ් නොදැවී ලකුණු 24ක් ලබා ගත්තා.
පන්දු යැවීමේ දී හර්ෂාල් පටෙල් හා සිය මංගල 20යි 20 ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළ රවී බිෂ්නෝයි කඩුලු 2 බැගින් බිද හෙලුවා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව කඩුලු 4ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ ඉනිම නිමා වීමට පන්දු 7ක් ඉතිරිව තිබියදීයි.
රෝහිට් ෂර්මා ලකුණු 40(19)ක් හා ඉෂාන් කිෂන් ලකුණු 35(42)ක් රැස් කළා.
සූර්යකුමාර් යාදෙව් නොදැවී ලකුණු 34(18)ක් ද වෙන්කටේෂ් අයියර් නොදැවී ලකුණු 24(13)ක් ද වාර්තා කරමින් ඉන්දියාව ජයග්‍රාහී සීමාව කරා රැගෙන ගියා.
පන්දු යැවීමේ දී රොස්ටන් චේස් කඩුලු 2ක් බිද හෙලුවා.