පළමු වරට T 20 ලෝක කුසලානයට හදුන්වා දුන් දේ

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය (reviews) (DRS) යටතේ එක් ඉනිමක් සදහා කණ්ඩායමකට අවස්ථා දෙකක් ලබා දෙන බව ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) පවසනවා.
ඉතිහාසයේ පළමු වරටයි මෙලෙස විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය පන්දුවාර 20යි 20 පිරිමි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක් සදහා යොදා ගැනෙන්නේ.
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ද්විපාර්ශ්වික තරගාවලි සදහා අත්දැකීම් සහිත ස්වාධීන විනිසුරුවරුන් වෙනුවට තරග පැවැත්වෙන රටේ විනිසුරුවරුන් යොදා ගැනීමට සිදු වූ අතර, ඒ හේතුවෙන් 2020 ජූනි මාසයේ දී විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදයට සංශෝදනයක් එක් කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය පියවර ගත්තා.
ඒ අනුව සීමිත පන්දුවාර තරග සදහා විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය යටතේ එක් අවස්ථාවක් වෙනුවට අවස්ථා දෙකක් එක් ඉනිමක් වෙනුවෙන් එක් කණ්ඩායමට ලබා දීමට තීරණය කෙරුණු අතර, ටෙස්ට් තරග සදහා ද එතෙක් පැවැති අවස්ථා දෙක වෙනුවට අවස්ථා 3ක් ලබා දීමට තීරණය කෙරුණා.
මෙවර ලෝක කුසලානය සදහා අයි.සී.සීය විසින් අත්දැකීම් බහුල ඉහළම ශ්‍රේණියේ විනිසුරුවරුන් හා තරග තීරකවරුන් (Elite Panel of Umpires and Match Referees) යොදා ගැනීමට පියවර ගෙන ඇතත්, පසුගිය මාස ගණනාවක් පුරා පැවැති විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදයට යළි සංශෝදනයක් එක් නොකිරීමටයි අයි.සී.සීය පියවර ගෙන ඇත්තේ.
මේ අතර, මෙවර 20යි 20 ලෝක කුසලානයේ සෑම ඉනිමකම 10 වැනි පන්දුවාරය නිම වීමෙන් පසුව සිසිල් බීම පානය සදහා මිනිත්තු 2.30ක නිල විවේක කාලයක් ලබා දීමට ද තීරණය කළ බව අයි.සී.සීය නිවේදනය කළා.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පවතිනන කාළගුණ තත්ත්වය සලකා බලා මෙම තීරණය ගන්නට ඇති බවටයි වාර්තා වන්නේ.