පළමු වරට IPL තරගාවලියට නිවුන් සහෝදරයින්
ඉතිහාසයේ පළමු වරට ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියකදී නිවුන් සහෝදරයින් ක්‍රීඩා කරන ආකාරය දැක බලා ගැනීමේ අවස්ථාව 2023 තරග වාරයේ දී ප්‍රේක්ෂකයින්ට උදා වී තිබෙනවා.
ඒ, ඊයේ (23) කෝචි හී දී පැවැති අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසියේ දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් Duan Jansen මිලදී ගැනීමත් සමගයි.
ඔහුව එම කණ්ඩායම විසින් මිලදී ගත්තේ ඉන්දීය රුපියල් ලක්ෂ 20 ක මුදලකටයි.
වමත් වේග පන්දු යවන ක්‍රීඩකයෙකු වන Duan Jansen මේ වන විට පළමු පෙල තරග 16 ක්, List A එක්දින තරග 16 ක් හා 20යි 20 තරග 27 ක් ක්‍රීඩා කර ඇතත්, ඔහු මෙතෙක් ජාත්‍යන්තර තරගයක් සදහා ක්‍රීඩා කර නැහැ.
ඔහුගේ නිවුන් සහෝදරයා වන්නේ දකුණු අප්‍රිකානු වමත් වේග පන්දු යවන ක්‍රීඩක Marco Jansen.
2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියට පෙර සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම විසින් ඔහුව සිය කණ්ඩායමේ රදවා ගැනීමටයි සන්රයිසස් කළමණාකාරීත්වය විසින් පියවර ගෙන තිබුණේ.
For the first time, the IPL will be twinning! 😀😀
Mumbai Indians get Marco Jansen’s identical twin Duan Jansen for INR 20 lakh #IPLAuction pic.twitter.com/a5Q6qxL2ka
— ESPNcricinfo (@ESPNcricinfo) December 23, 2022