Ultimate magazine theme for WordPress.

පළමු වරට පාකිස්තානය පරදා ඇෆ්ඝනිස්ථානයෙන් තවත් පෙරළිකාර ජයක්

Match Report

පාකිස්තානය පරදා පළමු වරට එක්දින තරග ජයක් වාර්තා කරමින් මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 22 වැනි තරගයෙන් කඩුලු අටක ජයක් වාර්තා කිරීමට ඇෆ්ඝනිස්තාන කණ්ඩායම අද(23) සමත් වුණා.

චෙන්නායි හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 282 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ඝනිස්තානය පන්දුවාර 49 ක් අවසානයේ කඩුලු දෙකක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

රහ්මනුල්ලාහ් ගුර්බාස් ලකුණු 65(53) ක් හා ඊබ්‍රහීම් සඩ්‍රාන් ලකුණු 87(113) ක් රැස් කරමින් සිය කණ්ඩායමට අනර්ඝ ආරම්භයක් ලබා දුන්නා. ඒ, පළමු කඩුල්ලට ලකුණු 130 ක සම්බන්ධතාවයක් ගොඩ නගමින්.

අනතුරුව රහ්මට් ෂාහ් නොදැවී ලකුණු 77 ක් හා හෂ්මතුල්ලාහ් ශහීඩි නොදැවී ලකුණු 48 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම සුපිරි ජයක් කරා රැගෙන ගියා.

තෙවැනි කඩුල්ල සදහා ඔවුන් දෙදෙනා අතර ගොඩ නැගුණු නොබිදුණු සම්බන්ධතාවය ලකුණු 96(93) ක්.

පන්දු යැවීමේ දී ශහීන් ශාහ් අෆ්රිඩි හා හසන් අලී කඩුල්ල බැගින් බිද හෙලුවා.

පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය වෙනුවෙන් බාබර් අසාම් ලකුණු 74 ක් හා අබ්දුල්ලාහ් ශෆික් ලකුණු 58 ක් ලබා ගත් අතර, ශඩාබ් ඛාන් හා ඉෆ්ටිකාර් අහ්මඩ් ලකුණු 40 බැගින් ලබා ගත්තා. පන්දු 27 කින් වාර්තා වූ ඉෆ්ටිකාර්ගේ ඉනිමට හයේ පහර 4 ක් හා හතරේ පහර 2ක් ඇතුළත්.

පන්දු යැවීමේ දී නූර් අහ්මඩ් ලකුණු 49 කට කඩුලු 3 ක් දවා ගත් අතර, නවීන් උල් හක් කඩුලු 2 ක් දවා ගත්තා.

[team_standings 51865]