පළමු නවසීලන්ත කණ්ඩායම දිවයිනට – ප්‍රවේශ පත්‍ර මිල ගණන් හා මිලදී ගත හැකි ආකාරයත් නිවේදනය කෙරේ
ශ්‍රී ලංකා තරග සංචාරය ආරම්භ කරමින් නවසීලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයින් රැසක් ඊයේ රාත්‍රියේ දී දිවයිනට පැමිණියා. රාත්‍රී 11.30 ට ඔවුන් මෙරටට ළගා වූ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
නවසීලන්ත ක්‍රීඩකයින් මෙම සංචාරය සදහා කණ්ඩායම් දෙකක් ලෙස දිවයිනට පැමිණෙන අතර, එලෙස පැමිණි පළමු කණ්ඩයමයි ඊයේ රාත්‍රියේ මෙරටට පැමිණියේ. දෙවැනි කණ්ඩායම නොවැම්බර් 6 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.
මෙම තරග සංචාරයේ දී දෙරට අතර විස්සයි 20 තරග දෙකක් හා එක්දින තරග 3 ක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
විස්සයි 20 තරගාවලිය රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත අතර, පළමු එක්දින තරගය ද පැවැත්වෙන්නේ එම ක්‍රීඩාංගනයේදීමයි. අවසන් එක්දින තරග දෙක මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
විස්සයි 20 තරගාවලිය නොවැම්බර් 9 වැනිදා ද, එක්දින තරගාවලිය 13 වැනිදා ද ආරම්භ වීමට නියමිතයි.
මේ අතර, තරගාවලිය නැරඹීම සදහා ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට මේ වන විට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව උදා වී තිබෙනවා. ඒ අනුව www.srilankacricket.lk වෙබ් අඩවියට පිවිසීමෙන් අන්තර්ජාලය හරහා ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකියි.
ඊට අමතරව කොළඹ විද්‍යා මාවතේ හා රංගිරි දඹුලු ක්‍රීඩාංගනයේ ප්‍රවේශ පත්‍ර කවුළු එළඹෙන 7 වැනිදා සිට විවෘත කිරීමට නියමිතයි. විස්සයි 20 තරග පැවැත්වෙන දිනවලදී දඹුල්ල ක්‍රීඩාංගනයේ ප්‍රධාන පිවිසුම් දොරටුව ආසන්නයේ ප්‍රවේශ පත්‍ර කවුළුවක් විවෘතව තැබෙන බව ද ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.
මේ අතර, මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ ප්‍රවේශ පත්‍ර කවුළුව විවෘතව තැබෙන්නේ නොවැම්බර් 15 වැනිදා සිටයි. කෙසේ වෙතත්, එක්දින තරග පැවැත්වෙන දිනවලදී ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකි වන්නේ බලගොල්ල අභිත ක්‍රීඩාංගනයෙන් පමණයි.
පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා ප්‍රවේශ පත්‍ර කවුළු විවෘතව තැබෙනවා. තරග පැවැත්වෙන දිනවල විවෘතව තැබෙන ප්‍රවේශ පත්‍ර කවුළුවලින් ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකි වන්නේ පෙරවරු 9 සිට රාත්‍රී 8 දක්වා කාලය ඇතුළතයි.
NZ squad
Mitchell Santner (c), Michael Bracewell, Mark Chapman, Josh Clarkson, Jacob Duffy, Lockie Ferguson, Zak Foulkes, Dean Foxcroft, Mitch Hay (wk), Henry Nicholls, Glenn Phillips, Tim Robinson, Nathan Smith, Ish Sodhi, Will Young