පළමු දිනයේ වැඩි ගෞරව දකුණු අප්‍රිකාවට
Day 1 Report

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද(25) ක්‍රයිස්චර්ච් හී දී ආරම්භ වුණා.
තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.
ඒ අනුව පළමු දිනය අවසන් වන විට ඔවුන් සිය පළමු ඉනිම සදහා කඩුලු 3ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 238 ක්.
ඩීන් එල්ගර් ලකුණු 41කට දැවී ගියා. සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කළ Sarel Erwee ලකුණු 108ක් ලබා ගනිමින් දකුණු අප්‍රිකා ඉනිම ශක්තිමත් කළා. ඒඩ්න් මාක්‍රම් ලකුණු 42යි.
නොදැවී පන්දුවට පහර දෙමින් සිටින රසී වැන් ඩර් ඩුසේන් ලකුණු 13 ක් හා ටෙම්බා බවුමා ලකුණු 22ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.
පන්දු යැවීමේ දී ටිම් සවුති, මැට් හෙන්රි හා නෙයිල් වෑග්නර් එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.
දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය මේ වන විට තරග 1-0ක් ලෙස පෙරමුණ ගෙන සිටින්නේ නවසීලන්තයයි.