පළමු දිනයේ දී තරගයේ සම්පූර්ණ පාලනය එංගලන්තයට
Day 1 Report

එංගලන්තය හා ඉන්දියාව අතර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගෙය් පළමු දිනය අද(25) ලීඩ්ස් හී දී නිමා වුණේ තරගයේ පාලනය එංගලන්තයට හිමි කර දෙමින්.
දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 120ක් ලබා සිටියා.
රෝරි බර්න්ස් නොදැවී ලකුණු 52ක් ලබා කඩුල්ලේ රැදී සිටින අතර, හසීබ් හමීඩ් නොදැවී ලකුණු 60යි.
ඒ අනුව ඔවුන් මේ වන විට පළමු ඉනිමේ දී කඩුලු 10ක් අතැතිව ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 42ක්.
තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක විරාට් කෝලි පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.
කෙසේ වෙතත්, කෝලි ගත් එම තීරණයට සාධාරණයක් ඉටු කිරීමට කිසිදු පිතිකරුවෙකුට හැකියාව ලැබුණේ නැහැ.
ඒ අනුව ඔවුන්ගේ පළමු ඉනිම, පළමු දිනයේ තේ පානයටත් පෙර නිමාව දුටුවේ සියලු දෙනා දැවී ලකුණු 78ක් ලෙස සටහන් වෙමින්.
රෝහිට් ෂර්මා පන්දු 105කින් ලකුණු 19ක් රැස් කළ අතර, අජින්කෙයා රහානේ ලකුණු 18කට දැවී ගියා.
සෙසු කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව පසු කර යාමට එංගලන්ත පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.
එංගලන්තය වෙනුවෙන් සුවිශේෂී පන්දු යැවීමක් ප්‍රදර්ශනය කළ ජේම්ස් ඇන්ඩර්සන් හා ක්‍රෙයිග් ඕවර්ටන් කඩුලු 3 බැගින් දවා ගත් අතර, ඔලී රොබින්සන් හා සෑම් කරන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.
Mohammed Siraj signalling to the crowd “1-0” after being asked the score.#ENGvIND pic.twitter.com/Eel8Yoz5Vz
— Neelabh (@CricNeelabh) August 25, 2021