පළමු දිනයට වර්ෂාවෙන් දැඩි බාධා ; දිනයේ සියලු ගෞරව දකුණු අප්‍රිකාවට
Day 1 Report

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද(17) ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.
කෙසේ වෙතත්, තරගයේ පළමු දිනයට වර්ෂාවෙන් දැඩි බාධා එල්ල වූ අතර, ඒ හේතුවෙන් ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ පන්දුවාර 32 ක් පමණයි.
වර්ෂාව හේතුවෙන් තරගය නියමිත වේලාවට පෙර නිමා කරන විට තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාවේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි එංගලන්තය කඩුලු 6 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 116 ක්.
ඔලී පෝප් නොදැවී ලකුණු 61 ක් ලබා සිටින අතර, ස්ටුවට් බ්‍රෝඩ් තවමත් ලකුණු ලබා ගැනීම ආරම්භ කර නැහැ.
ඉනිම ආරම්භ කළ ඇලේක්ස් ලීස් ලකුණු 5 කටත්, සැක් ක්‍රව්ලි ලකුණු 9කටත් දැවී ගියා. ජෝ රූට් ලකුණු 8 යි. ජොනී බෙයාර්ස්ටව් ලකුණු නොලබා සිටියදී දැවී ගිය අතර, නායක බෙන් ස්ටොක්ස් ලබා ගත්තේ ලකුණු 20 ක් පමණයි. බෙන් ෆෝක්ස් ලකුණු 6කට දැවී ගියා.
පන්දු යැවීමේ දී අන්රිච් නොකියා ලකුණු 43 කට කඩුලු 3ක් දවා ගත් අතර, කාගිසෝ රබාඩා කඩුලු 2 ක් ද, මාර්කෝ ජන්සෙන් එක් කඩුල්ලක් ද බිද හෙලුවා.
Uppercut 🥊
Live clips: https://t.co/2nFwGblL1E
🏴 #ENGvSA 🇿🇦 @OPope32 pic.twitter.com/BrG78ivDiR
— England Cricket (@englandcricket) August 17, 2022