Ultimate magazine theme for WordPress.

පළමු තරගයේ දී අනතුරකට මුහුණදුන් සොලසානෝ ගැන අසුබ ආරංචියක්

බටහිර ඉන්දීය කොදෙව් නවක පිතිකරු ජෙරමි සොලසානෝට (Jeremy Solazano) ශ්‍රී ලංකාව සමග අද(29) ආරම්භ වන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව ද අහිමි වී තිබෙනවා.

ඔහු නිමා වූ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේ දී ෂෝර්ට් ලෙග් කලාපයේ පන්දු රකිමින් සිටියදී අනතුරකට මුහුණ දුන්නේ දිමුත් කරුණාරත්න එල්ල කළ පහරකින් පසුව පන්දුව හිස් ආවරණයේ වැදීම හේතුවෙන්.

සොලසානෝගේ මංගල ටෙස්ට් තරගය වූයේ ද එම තරගයයි.

එම අනතුරින් ඔහුට බරපතල හානියක් සිදුව නොමැති බවට වෛද්‍ය පරීක්ෂණවලින් අනාවරණය වුවත්, පළමු තරගයෙන් ඉවත් වීමට ජෙරමි සොලසානෝට සිදු වුණා.

ඔහු වෙනුවට ෂායි හෝප් කණ්ඩායමට ආදේශ කිරීමයි පළමු තරගයේ දී කොදෙව් කණ්ඩායම පියවර ගත්තේ.

දෙවැනි තරගයට ජෙරමි සොලසානෝ ක්‍රීඩා නොකරන බැවින් එම තරගය සදහා ද ෂායි හෝප් ක්‍රීඩා කිරීමට වැඩි අවස්ථාවක් පවතිනවා.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය අද පෙරවරු 10ට ගාල්ලේ දී ආරම්භ වීමට නියමිතයි.